කඩොලාන යනු කාෂ්ඨිය බිජ දරණ
අතිශයවිශේෂණය වු පදුරු වල සිට උස් ගස් දක්වා විශාල වන ශාක වේ.සාමාන්‍යෙයන් අන්තර්
උදම් මුහුදු තිරයේ මෝය සහ කලපු ආශ්‍රිතව දක්නට ලැබේ.වරින් වර මුහුදු ජලයෙන් යටවන
ප්‍රදේශ වල හා නිර්වායු සහ ආම්ලික පසෙහි වර්ධනය වීමට ඇති හැකියාව කඩොලාන වල ඇති
විශේෂ ලක්ෂණයකි.බොහෝ කඩොලාන සුවිශේෂි වු
අනුවර්තන දරණ නිසා අනෙකුත් ශාක වර්ධනය විය නොහැකි පරිසරයක පවා ඉතා ඉතා සාර්ථකව
ජිවත්විමේ හැකියාවක් ඇත.මෙම කඩොලාන ආශ්‍රිතව විවිධ මත්ස්‍ය විශේෂ‚ ක්‍රස්ටේසියාවන් සහ මොලොස්කාවන් දැකිය
හැක.
ශ්‍රි ලංකාවේ දැකිය හැකි කඩොලාන
ශ්‍රි ලංකාවේ සත්‍ය කඩොලාන විශේෂ 25 ක්
ද ආශ්‍රිත කඩොලාන විශේෂ 15 ක් ද දැකිය හැක.පුත්තලම‚ මිගමුව කලපු ආශ්‍රිතව සහ නිරිත දකුණු
ප්‍රදේශයන්හි කලපු ආශ්‍රිතව ද දැකිය හැක.
සත්‍ය කඩොලාන ශෘක වර්ග
Rhizophora
mucronata (කඩොල්)
Brughiera gymnorhiza (මල් කඩොල්)
Ceriops tagal (පුංකන්ඩ)
Sonneratia caseolaris
(කිරල)
Avicennia marina
(මණ්ඩා)
Argiceras comiculatum
(හීන් කඩොල්)
Acanthus ilicifolius (කටු ඉකිලිය)
Excoecaria agallocha (තෙල)
Xylocarpus granatum
(මට්ටි කඩොල් )
Lumnitzera recemosa (බෑරිය)
ආශ්‍රිත කඩොල්
Nipa frutican (ගිං පොල්)
Acrostichum aureum
(කරන්
කොකු)
Dolichandrone spathacea
(දිය දග)
Terminalia catappa
(කොට්ටම්බා)
Caloplyllum inophyllum (දොඹ)
Hibiscus tiliaceus (බෙලි පට්ටා)
Cerbera manghas (ගොන්කදුරු)
Thespesia populnea (සුරිය)
කඩොලාන ශාක වල අනුවර්තන
·
කරු සහ කයිරු මුල් -කඩොලාන වැඩෙන පරිසරයේ පස
බුරුල් නිසා ශක්තිමත්ව පසට සවිවිම සදහා කදෙන් හා අතු වලින් පැන නගින කරු සහ කයිරු
මුල් පිහිටි ඇත.
·
ලවන ස්‍රාවි ග්‍රන්ථ-වැඩිපුර ඇති ලවන පිට කිරිම
සදහා ලවන ස්‍රාවි ග්‍රන්ථි පිහිටා ඇත.
·
ශ්‍රෂ්ක රුපි පත්‍ර-උත්ස්වේදනය මගින් සිදුවන
ජලය පිටවිම අවම කරයි.
·
වායු ධර මුල්-කඩොලාන වැඩෙන පසෙහි ඔක්සිජන් ප්‍රමානය
අවම නිසා වායු ගෝලයෙන් ඔක්සිජන් අවශෝෂණය කර ගැනිම සදහා පසෙන් ඉහළට වැඩෙන වායු ධර මුල් පිහිටා ඇත.
කඩොලාන වල ප්‍රයෝජන
·
වෙරළබඩ වාසින්ගේ ගෘහස්ථ ඉන්ධනයක් ලෙස
සහ නිවාස තැනිමේ කටයුතු සදහා කඩොලාන දැව භාවිතා කරනු ලැබේ.
·
ධිවරයන්ගේ ඔරු අනෙකුත් ධිවර ආම්පන්න සහ
මත්ස්‍ය උගුල් තැනිම සදහා කඩොලාන දැව භාවිතා කරයි.
·
සමහර මත්ස්‍ය‚ බෙල්ලන්‚ ඉස්සන් විශේෂ වලට වාසස්ථාන සපයනු සපයනු ලැබේ.
·
කලපු‚ මෝයවල් සහ වෙරළ ඛාදනය කඩොලාන මගින් ආරක්ෂා කරයි.
·
ජලයේ ඇති විෂ ද්‍රව්‍ය ඌරා ගැනිම මගින්
වෙරළබඩ ප්‍රදේශවල දුෂණය අවම කරයි.
ඒ.ටි.ඩි.සි.පි.කුමාර
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
විදාතා සම්පත් මධ්‍යස්ථානය
නාත්තන්ඩිය
0 comments:
Post a Comment