බටර් කිරි වලින් නිෂ්පාදනය කරනු ලබන
පෝෂ්‍යදායි ආහාරයකි.බේකරි නිෂ්පාදන වල දි හා ආහාර රසවත් කිරිමට බහුලව භාවිතා
කරයි.කිසිම රසායන ද්‍රව්‍යයක් එක් නොකොට පහසුවෙන්
ගෘහාශ්‍රිතව බටර් නිෂ්පාදනය කළ හැක.
අවශ්‍ය ද්‍රව්‍ය
Ø කිරි වලින් වෙන් කර ගත් යොදය (Cream) 250g
Ø උණු කර නිවා ගත් ජලයෙන් සාදාගත් අයිස්
කැට 500g
Ø උණු කර නිවා ගත් ජලයෙන් සාදාගත්
අයිස්
වතුර ලිටර 1 යි
Ø ලුණු කුඩු ස්වල්පයක්
අවශ්‍ය උපකරණ
Ø පැති වැඩි ගණනක් සහිත කට ලොකු
ප්ලාස්ටික් බෝතලයක්
Ø ගෑරුප්පුවක්
Ø මේස හැන්දක්
Ø පැතලි පිගානක්
සාදන අයුරු
·
පළමුව නිෂ්පාදනයට යොදා ගන්නා සියළු උපකරණ
හොදින් පිරිසිදු කර ගැනිම.
· ඉන්පසු ප්ලාස්ටික් බෝතලයේ පතුලට කිරි වල ක්‍රිම්
(යොදය) හැන්දකින් ඇතුළු කිරිම.එයටඋඩින් අයිස් කැට තට්ටුවක් දමා ක්‍රිම් වලින්
භාගයක් වන ලෙස අයිස් වතුර එකතු කිරිම.
· බෝතලයේ මුඩිය වසා තිරස් අතට සිටිනසේ බෝතලය
විනාඩි 7 ක් පමණ අත් දෙකෙන්ම සෙලවිම.
·
මෙසේ සොලවන විට බෝතලයේ ඉහළින් බටර් කැටිති ලෙස
දැකිය හැකි වන අතර එයට පහළින් සුදු පැහැති
වතුර (Butter Milk) දැකිය හැක.
·
(Butter Milk) බෝතලයෙන් ඉවත් කර බටර් කැටිති බෝතලයේ
රදවා ගනු ලැබේ.මෙම බටර් කැටිති හැන්දක් ආධාරයෙන් පැතලි පිගානකට දමා ගෑරුප්පුවකින්
තද කර එහි ඇති ජලය ඉවත් කරන්න.
· ඉන් පසු අවශ්‍ය පමණය ලුණු කුඩු එකතු කර බදුනක
අසුරා ශිතකරණයේ තැම්පත් කරන්න.
· ක්‍රිම් 250g කින් බටර් 500g
ක්
ලබා ගත හැක.
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
නාත්තන්ඩිය
0 comments:
Post a Comment