CFL විදුලි
බුබුල සමාජය තුල බොහෝ ජනප්‍රියත්වයට පත් වූ පාරිභෝගික භාණ්ඩයකි.ඊට හේතු වූ කරුණු කිහිපයක් විය. ප්‍රධානතම හේතුව
බවට පත් වූයේ මෙම CFL විදුලි බුබුල ක්‍රියාත්මක වීම සඳහා ඉතාමත්
අඩු විදුලියක් අවශ්‍ය වීමය.එබැවින් මෙම බල්බ භාවිතයෙන් නිවෙස්
තුල ආලෝකය ලබා ගැනීම සඳහා වැයවන විදුලිය සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගැනීමට හැකිවේ.තවද මෙම බල්බ ඉතා දීප්තිමත්ව දැල්වෙන නිසා හොඳ ආලෝක තත්වයක් ලබාදේ.එමනිසා මේවායේ භාවිතයද බොහෝ ඉහල ගොස් ඇත.
CFL බල්බ
ලොව පුරා වසරකට මිලියන 900ක් පමණ අක්‍රමවත්ව බැහැර කරයි. මෙම
එක් බල්බයක් තුල රසදිය 5mg පමණ ඇත.මේ ප්‍රමාණයෙන් ජලය ගැලුම්
6000ක් පමණ දූෂණයට ලක්වේ. මෙම රසදිය ගල් අඟුරු දහනයෙන් ද විශාල
ලෙස පරිසරයට එක් වේ. පරිසරයේදී මෙම රසදිය මෙතිල් මර්කරි බවට
පත්වන අතර එයඋග්‍ර විෂ රසායනයකි. තවද මෙම රසායනික බොහෝ කල්
යන තුරු පරිසරයෙන් ඉවත් නොවී, විනාශ නොවී පවතී. එය මිනිසාට
බොහෝ බලපෑම් ඇති කරයි.
වැඩුණු
පුද්ගලයන්ගේ මොලය හා ස්නායු පද්ධතියට හානි කරයි.ළමයින්ගේ ඉගෙනීමේ අපහසුතා, බුද්ධිය හා ශාරීරික
වර්ධනයේ හා විකසනයේ සිදුවන ආපසු සකස් කළ නොහැකි ආබාධ ඇති වේ.ගර්භනී මවුවරුන්ට හා කුඩා ළමයින්ට කුඩා ප්‍රමාණයකින් වුවද බරපතල සෟඛ්‍ය
ගැටලු ඇති කරයි.
කාමරයක්
තුල බල්බයක් බිඳී ගිය හොත් එහි ඇති රසදිය වසර 20ක්
පමණ කාලයක් වුවද ඇඳ ඇතිරිලිවල , බිම පැවතිය හැකිය.තවද CFL බල්බවලින් සමහරක් ඒවා මගීන් නිකුත් කරන
නිල් ආලෝකය මගීන් මොලයේ පයිනියල් ග්‍රන්ථිය මගීන් ස්රාවය කරන මෙලටොනික් ස්රාවයවීම
අඩාලවීමත් එමගින් පියයුරු හා පිරිමින්ගේ ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ පිළිකා ඇතිවීමටත් හේතු
වේ. CFL බල්බ වැඩි වේලාවක් දැල්වීමේදී නිකුත්වන විද්‍යුත්
චුම්බක කිරණ, පීනෝල්, නැප්තලීන් සහ
ස්ටයිරින් වැනි රසායනික ද්‍රව්‍ය නිකුත් කරන බැවින් මේවාට නිරාවරණය වීමෙන් පිළිකා ඇතුලු
බරපතල සෳඛ්‍ය ගැටලු ඇති කරයි.
එබැවින්
CFL
බල්බ පාවිච්චියට පෙර ඔබ ඒ පිළිබඳව දැනුවත් විය යුතු අතර ඉවතලන CFL
බල්බ පරිසරයට හානි නොවන ලෙස බැහැර කිරීමට වග බලා ගත යුතුය.
තවද CFL බල්බයක් කාමරයක් තුල බිඳී ගිය හොත්
ආරක්ෂිත ලෙස ඒවා කාමරයෙන් ඉවත් කිරීම කළ යුතුය.
සකස්කළේ,
H.E.B.සංජිව,
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
0 comments:
Post a Comment