තරුවක් උපදිනුයේ
විශ්වයේ පවතින දැවැන්ත දුහුවිලි හා වායු අඩංගු අණුක වලාවක් ශීතනය වී කැටි වීමෙනි.
මෙම වලාකුලු තුළ හයිඩ්‍රජන් හා හිලීයම් වායු අඩංගුය.එමෙන්ම ආලෝක වර්ෂ කිහිපයක
දිගින් හා පළලින් යුක්තය. ගුරුත්වාකර්ෂණය හේතුවෙන් මෙම දුහුවිලි හා වායු අඩංගු
වළාව ක්‍රමයෙන් හැකිලේ. එවිට එය වේගයෙන් භ්‍රමණය වන අතර විශාල තාප ප්‍රමාණයක්ද
පීඩනයක්ද ඇතිවේ. උෂ්ණත්වය කෙල්වින් 150,000 තරම් අගයකට
ලගාවු විට දූවිලි වලාවේ මැද කොටස දීප්තිමත්ව පෙනෙන්නට පටන් ගනී.එම දීප්තිමත් කොටස
ප්‍රාග් තාරකාව නම් වේ.
ප්‍රාග් තාරකාවේ ඇති
ද්‍රව්‍ය තව තවත් හැකිලෙන විට උෂ්ණත්වයද පීඩනයද තව තවත් වැඩි වන අතර භ්‍රමණය
වේගවත් වේ. මෙහිදී ප්‍රාග් තාරකාවේ ඇතුළත හා පිටත ප්‍රදේශ දෙකක් හදුනා ගත හැකි අතර
ඇතුලත ප්‍රදේශයේ සැබෑ තාරකාවද පිටත ප්‍රදේශයේ ග්‍රහලෝකද නිර්මාණය වේ. මෙම ග්‍රහලෝක
අදාල තරුව වටා පරිභ්‍රමණය වේ.
ප්‍රාග් තාරකාවේ ඇතුළත
ප්‍රදේශයේ කෙල්වින් 15000000 ක් පමණ උෂ්ණත්වයක් ඇතිවු විට න්‍යෂ්ටික විලයනය
එනම් කුඩා පරමාණු එක්වී විශාල පරමාණු සෑදීම සිදුවේ.ප්‍රධානව හයිඩ්‍රජන් පරමාණු
එක්වී හීලීයම් පරමාණුව සෑදීම සිදුවේ. මෙම න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවේදී ඉතා
අධික ශක්ති ප්‍රමාණයක් නිකුත් වන අතර ඉහළ පීඩනයක්ද ඇතිවේ. න්‍යෂ්ටික විලයනයේදි
ජනනය වන අධික ශක්තිය හේතුවෙන් තාරුකාව
දර්ශණීයව බබලන්න පටන් ගනී. එවිට සැබෑ තරුවක් නිර්මාණය වේ.
විශ්වයේ මෙලෙස තරු
උපදින ස්ථානයක් නිහාරිකාවක් නමින් හැදින්වේ. තරුවක් බිහිවු පසුව එම තරුව ක්‍රමයෙන්
යොවුන් විය කරා එළඹේ. එම කාලයේදි තරුව
උපරිම වේගයෙන් හයිඩ්‍රජන් වායුව හීලීයම් වායුව බවට පත් කරයි.ඉන් නිකුත් වන
ශක්තියෙන් උපරිම දීප්තියක් සහිතව තරුව බැබළෙයි. තාරුකාවේ ස්කන්ධය වැඩිනම් දීප්තිය
සාපේක්ෂව වැඩිවේ.අහසේ ඇති තරුවල දීප්තිය එකිනෙකට
වෙනස්ය. තරු වල දීප්තිය මැනීමට
දීප්තතා පරිමාණය භාවිතා කරන අතර එය සොයා ගැනීමේ ගෞරවය කි.පූ 150 දී පමණ විසු
හිපාකස් නැමැති විද්‍යාඥයාට හිමිවේ.
තරුවල සැබැ පෙනුම
හිරුගේ හැඩයට සමානය. එනම් වටකුරුය. කහපාට තැටියක් මෙනි. තරුවලට විවධ වර්ණ ලැබෙනුයේ
ඒවායේ පවතින උෂ්ණත්වය අනුවය.රතු තරුවල මතුපිට පවතින උෂ්ණත්වය සාපේක්ෂ වශයෙන්
සෙන්ටිග්‍රේඩ් අංශක2000-2600 ක් දක්වා පරාසයක පවතී.නිලට හුරු සුදු පැහැති තරු වල
උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක මිලියන දහස් ගණනකි.
තරු නිරතුරුවව චලනය
වෙමින් පවතී. එකම වේගයකින් හා සමාන්තර මාර්ගයක ගමන් කරන තරු පන්ති ඇත.ඇතැම් යුගල
තරු වල එක් තරුවක් වටා අනෙක ගමන් කරයි.ඇතැම් තරු පොකුණු වල කක්ෂ චලනයක් දැකිය හැකි
අතර ඒවා ඒ ඒ තරු පොකුරු අයත් ගුරුත්ව කේන්ද්‍රය වටා ගමන් කරයි. අපගේ මන්දාකිණියේ
ඇති තරු එහි කේනද්‍රය වටා කරකැවේ. මන්දාකිණි හුදකලා තරු හෝ තරු පොකුරු එක්වී සෑදි
ඇති අතර මන්දාකිණියක තරු සිය කෝටියක් පමණ අන්තර්ගතය.
අන්තර්ජාතික තාරකා
සංගමය විසින් ප්‍රකාශයට පත්කර ඇති තාරුකා රාශි 88කි .එයින් 48 ක් උතුරු දෙසින්ද 40
දකුණු දෙසින්ද පිහිටා ඇත.
මිනිසාට මෙන්ම තාරුකා
වලටද ඉපදිම , යොවුන් වියට එළඹීම හා මියයාම යන අවස්ථාවලට මුහුණ දීමට සිදුවන නමුත්
තාරුකාවල ජීවිත කාලය අවුරුදු මිලියන හා බිලියන ගණනකි. තරුවක් නිල් පාටින් හා සුදු
පාටින් දිදුලන්නේ නම් ඒවා තරුණය. රෝස හෝ රතු පැහැයෙන් දිස්වේනම් ඒවායේ අවසාන කාලය
ගත කරමින් සිටී. ආයු කාලය අවසන්වු තරුව විශාලවී පුපුරා යයි. නැතිනම් විශ්වයේ කළු
කුහරයට ඇදී අතුරුදහන්වයයි.
සැකසුම-විද්‍යා හා
තාක්ෂණ නිළධාරි-බලපිටිය
0 comments:
Post a Comment