නිව්යෝක්හි
හෝවැඩ් හියුස් වෛද්‍ය ආයතනය හා හාවඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ ලේසර් කිරණ
භාවිතයෙන් සතුන්ගේ මොලය පාලනය කිරීමට හැකි බව
ප්‍රකාශ කරති. මෙමඟින් සතෙක් ගමන් කරන මාර්ගයේ දිශාව වෙනස් කිරීම මෙන්ම
ආහාර ළඟ ඇති බව හඟවන සාවධ්‍ය අදහස් පවා සත්ව මොලයට ඇතුළු කළ හැකි වේ.
එය සනාථ කිරීමට
පර්යේෂකයෝ විසින් පනුවන්ගේ මොලයට සමාන වූ ස්නායු සෛල මෙහෙයවීමෙන් ජෛව විශේෂයක් වූ caenorhabditis elegans_ting වර්ගයේ පාරදෘෂ්‍ය පනුවන් පාලනය කරන ලදි.
වඩාත් සංකීර්ණ
පද්ධති පිළිබඳ විශාල අවබෝධයක් ලබා ගැනීමට, සරල ස්නායු පද්ධතියක් සම්පූර්ණයෙන් පාලනය කළ හැකි
මට්ටමට අවබෝධ කර ගැනීම ඉවහල් කර ගත හැකිය. එබැවින් මෙය ප්‍රයෝජනවත්
ක්‍රමයක් බව එක් ගවේෂකයකු වූ හාවඩ් විශ්ව විද්‍යාලයේ සහාඩ් රාමනාදන්ගේ අදහසයි.
“පනුවන් රවුමට,
වමට, දකුණට ගමන් කරවීමට මෙන්ම ආහාර ළඟ තිබෙන බවට වූ සාවධ්‍ය
සිතුවිලි පනුවන් තුල ඇති කිරීමට අපට හැකිය. දැන් අවශ්‍ය පනුවන්ගේ සම්පූර්ණ මොලයම
හඳුනාගෙන එය වීඩියෝ ක්‍රීඩාවක් ලෙසට පරිවර්තනය කර එමඟින් උගේ හැසිරීම පාලනය
කිරීමයි” රාමනාදන් තවදුරටත් ප්‍රකාශ කරයි.
අතීතයේදී
පර්යේෂකයෝ මොලයේ එක් එක් ස්නායු සෛල විනාශ කරමින් පනුවන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ
තොරතුරු රැස්කළෝය. එහෙත් මෙම ක්‍රමය හැසිරීම පාලනය කරන නියුරෝන පමණක් බන්ධනය/වශී (Hijack) කර (පද්ධතිය කඩා හඳුනාගැනීම නොකර) පනුවා අවශ්‍ය
ආකාරයට පාලනය කිරීමේ හැකියාව සඳහායි.
නියුරෝන වලින්
ප්‍රතිදීප්ත (Fluorescent) ආලෝකය ලබා දිය හැකි පනුවන් ජාන මඟින් යාන්ත්‍රණය කර ඇත්තේ පර්යේෂණයේදී
පහසුවෙන් හඳුනාගත හැකි ලෙසටය. තවද ලේසර් ආලෝක ස්පන්දනය මඟින් පනුවන් ක්‍රියාකාරී
වීමට ආලෝකයට සංවේදී නියුරෝන නිපදවිය හැකි ලෙස පනුවන්ගේ ජාන වෙනස් කර තිබේ.
නියුරෝන එකිනෙක
සංකීර්ණව හා විශාල පොකුරක් ලෙස එකට මොලය අසල තිබීම, පනුවා ගමන් කිරීම නිසා එක් නියුරෝනයක් පමණක් ක්‍රියාත්මක
කර අධීක්‍ෂණය කිරීම අභියෝගයක් විය.පනුවා හඳුනාගැනීම,රූපය,
රූපයට අදාල චලනයන්, ගමන් මාර්ගය, අදාල නියුරෝන, ලේසර් උපකරණ ස්ථානගත කිරීම සහ විශේෂිත
නියුරෝනයට විදීම මෙන්ම මේ සියල්ලම තත්පරයෙන් 1/50 ක (පනහෙන් එක) වැනි සියුම්
කාලයකින් සිදු කරන ලදි.එයද මුලදී ඉංජිනේරුමය වශයෙන් ඉතා අපහසු
කාර්යයක් වූ බව ඔවුහු ප්‍රකාශ කරති.
0 comments:
Post a Comment