ශ්‍රි ලංකාව තුල සිදුවන රිය අනතුරු
බොහොමයකටම හේතුව රියදුරුට නින්ද යාමයි. මෙම සිදුවීම වැලක්වීමට මොරටුව විශ්ව විද්‍යාලයේ
පරිගණක හා ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් විසින් “රියදිසි” නමින් නවතම සංඥා පද්ධතියක්
හඳුන්වා දී තිබෙනවා.රියදුරාට නින්ද යාම හඳුනා ගැනීමට, නිදිමත ගතිය ඇතිවීමේදී සිදුවන ඇසි පියගසන වාර ගණන, ඈනුම්යාම, නිදිකිරා වැටීම යන අවස්ථා තුන පදනම් කර ගෙන මෙය නිර්මාණය කර තිබෙන බව පැවසෙනවා.
ඒවගේම රියදුරුගේ හිස, දෑස, වෙනතකට යොමු වන්නේ නම් සංඥාවකින් තමන් රිය පදවන බව රියදුරාට සිහිපත් කරවන සංඥාවක් නිකුත් කිරීමට “රියදිසි” පද්ධතිය සමත් වෙනවා. වාහනයේ ඉදිරිපස පුවරුව මත සවි කෙරෙන සෙන්ටි මීටර් දෙකක් උස සෙන්ටිමීටර් පහක් පළලැති කුඩා කැමරාවක් මගින් අධෝ රක්ත කිරණ භාවිතයෙන් “රියදිසි” පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. මේ සදහා අධෝ රක්ත කිරණ භාවිතා වන නිසා “රියදිසි” පද්ධතියට දිවා කාලයේ වගේම රාත්‍රී කාලයේත් එක ලෙස ක්‍රියා කල හැකියි.
මෙම පද්ධතිය, මෙම සංකල්පය මතම නිර්මාණය වූ ලොව
බොහෝ ඒවාට වඩා කාර්යක්ෂමතාවයෙන් සහ නිරවද්‍යතාවයෙන් ඉහළ අගයක් ගන්නා බව පැවසෙනවා.
එයට හේතුව නම් වෙනත් පද්ධති වල මෙන් මෙහිදී රියදුරාගේ ශරීරයට සම්බන්ධ කල යුතු
උපාංග කිසිවක් නොමැති වීමයි.
සකස් කලේ : අනුෂා සාගරිකා
විද්‍යා හා තාක්ෂණ නිලධාරි ,තිඹිරිගස්යාය.






.jpg)


0 comments:
Post a Comment