නෞකාභාණ්ඩාගාරයක් තුල ඇති භාණ්ඩ පරීක්ෂාවට
ලක්කිරීම ඉතා නීරසවූත්, කටුකවූත්, කාලය කාදමන දුෂ්කර කටයුත්තකි. MIT හි උපාධි අපේක්ෂක
සම්ප්‍රිති බාත්චර්යා හා ඇගේ උපදේශක හැරී ඇසඩා (Sampriti Bhattacharyya & Harry Asada) ඇතුළු පර්යේෂක පිරිසක් විසින් මේ කාර්යය සදහා කුඩා රොබෝවක් නිර්මාණය කරනු
ලැබූ අතර මෙමගින් බඩු නෞකාව ලාභදායක ලෙස , නිශ්ශබ්දව, ඉතා ඉක්මනින් සුපරීක්ෂණයට (scanning) ලක්කිරීම
සිදුකරයි.
මෙම සොයා ගැනීම 2014 සැප්තැම්බර් මාසයේදී බුද්ධිමත්
රොබෝ සහ පද්ධති පිලිබද අන්තර්ජාතික සම්මේලනය
(International Conference on
Intelligent Robots & System) වෙත ඉදිරිපත් කරන
ලදී.
EVIE ලෙස නම් කරන ලද මෙම රොබෝව ඉලිප්සාකාර යානයක හැඩය ගන්නා අතර විනාඩියකට අඩි
තුනක පමණ වේගයකින් පිහිනා යයි. ජලය යට
යාමේදී ජල විදින හයක් උපයෝගි කර ගන්නා අතර මෙම විදිනයන්ගෙන් ජලය විදීම මගින් ඉදිරියට යාම සිදුකරයි.
EVIE ගේ ක්‍රියාකාරීත්වයට බාධානොවන ලෙස දේහයෙන් අර්ධයක් ජලප්‍රතිරෝධිව ආරන්ෂා වන
අතර ඇන්ටෙනා සහ අභ්‍යන්තර සංවේදක සහිත වේ. මෙහි බැටරිය විනාඩි 40 ක කාලයක් එක දිගට
ක්‍රියාත්මක වේ.
EVIE's Two Halves
EVIE නැව් පරීක්ෂා කිරීමේදී අති ධ්වනි තරංග සහිත Scanner බාවිතා කරන අතර ජලරෝධක
රොබෝ කොටස පැතලි තලයකි. එහි පැතලි කොටසට විරුද්ධව ජල විදිනයන් ඇති බැවින් නැව්කද
මත පහසුවෙන් සිටිය හැකි අතර එමගින් සුපරීක්ෂණය පහසුවේ. ජාවාරම්කරුවන් විසින්
නැව්කදෙහි සිදුරුවල සගවා ප්‍රවාහනය කරනු ලබන නීතිවිරෝධි භාණ්ඩ මෙම රොබෝ මගින්
පහසුවෙන් සොයාගැනිමේ හැකියාව ඇත. වරාය තුල නැව් පරීක්ෂාව කණ්ඩායමක් ලෙස EVIE කිහිපයක්
යොදාගැනීමෙන් සිදුකලහැක. අනාගතයේදී මෙම රොබෝව යොදාගැනීම ලාභදායක මෙන්ම බාවිතය ඉතා
වාසිදායකය.
EVIE On A Table
එච්. එස්. ද සොයිසා
විද්යා හා තාක්ෂණ නිලධාරී
- ගාල්ල කඩවත් සතර
උපුටාගැනීම:https://www.google.lk/?gws_rd=ssl#q=popular+science-Robot+Orb+Could+ Scan+Cargo+Ships+With+Ultrasound
No comments:
Post a Comment