December 12, 2014

පරිගණකයේ වයර් වෙනුවට ආලෝකය

රැහැන් තුලින් විදුලිය ගමන් කරනවාට වඩා කාර්යක්ෂමව ආලෝකයට දත්ත සම්ප්‍රේෂණය කිරීමට හැකිය. එහෙත්, පරිගණයක් තුල එය විශ්වාසනීය අයුරින් නිවැරිදිව ක්‍රියාත්මක කිරීම බොහෝවිට ගැටළුකාරී වේ. සිලිකන් (Silicon) වලින් සකස් කළ “Optical Link” (දෘෂ්‍ය සම්බන්ධීකාරක) නම් උපකරණය මගින් ආලෝකය සෘජු කෝණීව නැමීමට හැකි වීම පරිගණකයේ විදුලි රැහැන් වෙනුවට ආලෝකය යොදා ගැනීම සඳහා විශාල ඉදිරි පියවරක් වී තිබේ. ස්ටෑන්නෝඩ් විශ්ව විද්‍යාලයේ ජෙලීනා වුකෝවින් මූලිකත්වයෙන් වූ පර්යේෂණ කණ්ඩායම මේ සම්බන්ධ විද්‍යාත්මක ප්‍රවේශය Scientific Report නම් සඟරාවෙන් එළි දක්වා ඇත.

රැහැන් වලට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් ආලෝකයට ගෙන යා හැකි බවත් ඉලෙක්ට්‍රෝන සම්ප්‍රේෂණයට වඩා අඩු ශක්ති ප්‍රමාණයකින් ප්‍රෝටෝන සම්ප්‍රේෂණය කළ හැකි බවත් වුකෝවින් පුවත්පත් වලට ප්‍රකාශ කරන ලදි.

පර්යේෂණ කණ්ඩායම විසින් අදාල ප්‍රකාශ (දෘෂ්ඨි) උපකරණ කෘතිමව සංවර්ධනය සඳහා ගණිතමය ක්‍රමවේදයන් (ඇල්ගොරිදම/ algorithm) නිර්මාණය කර තිබේ. දෘෂ්ඨි දත්ත සම්ප්‍රේෂණය සඳහා ආලෝකය  යොදා ගැනීමට හා අවශ්‍ය නැනෝ සැකිලි (සිහින් ව්‍යූහ / Nano Structure) නිර්මාණය කිරීමට ද එමඟින් හැකි වී ඇත.

මෙම ගණිතමය ක්‍රමවේදය (Algorithm) මගින් පර්යේෂකයන් දෘෂ්ඨි (ප්‍රකාශ) සම්බන්ධීකාරකයන් වූ නැනෝ ප්‍රමාණයේ සිරස් නිරේන කුඩා සිලිකන් කැබැල්ලකින් නිපදවීමට සමත් විය. මයික්‍රෝන 8 ක් දිග සම්බන්ධීකරණය, ප්‍රිස්මයක් ලෙස ක්‍රියාකරමින් ආලෝක කදම්භයන් තරංග ආයාමය පාදක කොට වෙන් කරයි. නිරේඛන වල ස්වරූපය නිසා රේඛීය ආලෝකය විරුද්ධ දිශාවලට අංශක 900 ආනතියකින් යොමු වනුයේ T අක්ෂරයේ ආකාරයටය. මලෙස ආලෝකය මෙහෙයවීම දෘෂ්ඨි (ප්‍රකාශ) දත්ත සම්ප්‍රේෂණයේ සුවිශේෂී ක්‍රියාවකි.

අපේක්ෂිත යෙදවුම් (Input) හා නිමැවුම් (Output) පමණක් ලබාදීමෙන් නිවැරිදි ප්‍රමාණයේ ව්‍යූහයක් නිර්මාණය කිරීමට හැකිවන ලෙස මෘදුකාංගය දියුණු කිරීමට අපට අවශ්‍ය වුණා යැයි වුකෝවික් විස්තර කළේය. බොහෝ කාලයක් Nanophotonics පර්යේෂකයෝ සරල ජ්‍යාමිතික සහ ඒකාකාර හැඩතල නිර්මාණය කළෝය. එහෙත් මෙම Algorithm (ගණිතමය ක්‍රමවේදය) භාවිතයෙන් නිර්මාණය කළ සැකිලි මින් පෙර වෙනත් කිසිවෙකු විසින් නිර්මාණය කර නැත.

“Optical Link” සිත් ගන්නා උපකරණයක් ලෙස වර්තමානයේ දිස් වුවද ආරම්භයේදී එය හුදෙක් සාමාන්‍ය සිලිකන් කැබැල්ලක් විය. පරිගණක ආකෘති උත්තල ප්‍රශක්තිකරණය මගින් සාර්ථක ලෙස කළ පුරෝකථන අනුව එය නිරේඛණ රේඛා එකතු කර හා අවශ්‍ය පරිදි වෙනස් කර සකසා ඇත. Optical Link නිවදි ක්‍රමාංකය වී ඇති බව සහතික කිරීම සඳහා දහස් වාරයක් පරීක්ෂණ කිරීමට පරිගණකයට සිදුවිය. එහෙත් ඒ සඳහා ගත වී ඇත්තේ විනාඩි 15 ක් පමණි.

T ස්වරූපයේ ආලෝක කදම්බ නිර්මාණයට මෙම සම්බන්ධීකරයට හැකි වීමට අමතර ගණිතමය ක්‍රමවේදය (Algorithm) විසින් ආලෝකය මෙහෙයවීමේ අසීමිත ක්‍රම නිර්මාණය කිරීමට අධ්‍යයනයේදී සමත් වී තිබේ. ආලෝක (දෘෂ්ඨි/ප්‍රකාශ) දත්ත සම්ප්‍රේෂණ ක්ෂේත්‍රෙයේ ඉදිරිගමනට මෙය මහත් පිටුවහලක් වනු ඇත.

උපුටාගැනීම:
 Researches closer to using light instead of wires in computers –Lisa Winterhttp://www.iflscience.com/physics/researchers-closer-using-optics-instead-wires-computers

https://www.youtube.com/watch?v=LU8BsfKxV2k

No comments:

Post a Comment