December 14, 2014

කිසි දිනෙක අළුත්වැඩියා නොකලයුතු බයිසිකලය

බයිසිකලවල කොටස්වල ක්‍රියාකාරීත්වය නවතින බව ඕනෑම කාර්මිකයෙකු විසින් දන්නා කරුණකි. ඩේවිඩ් විනර් (David weiner) විසින් මේ පිලිබදව ඉතා හොදින් අවබෝධ කර ගන්නා ලදී.
ඔහු තම මව්බිම වූ කැලිෆෝනියාවේ වොල්නට් ක්‍රීක් (Walnut creek) හි බයිසිකල් අළුත්වැඩියා කරන කාර්මිකයෙකු ලෙස අවුරුදු 6 ක් පමණ වෘත්තියේ යෙදී සිටි කාලසීමාව තුල බොහෝවිට කිරීමට සිදුවූයේ බයිසිකල් සුසර කිරීම (Tuning derailleure) , තිරිංග සැකසීම, දම්වැල් තෙල් සහිත කිරීම, ටයර් මාරු කිරීම වැනි ක්‍රියාවන්ය.

එම වෘත්තියෙන් ඉවත්වීමෙන් පසු ඩේවිඩ් විනර් බයිසිකල් සමාගම් කිහිපයක මෘදුකාංග වැඩිදියුණු කරන්නෙකු ලෙස සේවය කරමින් එම සමාගම් සදහා මූල්‍යමය ප්‍රගතියක් මෙන්ම තර්කානණුකූල මෘදුකාංග වැඩිදිගුණු කිරීමක් ද සිදු කරන ලදී. ඔහු තුල වූ බයිසිකල් නඩත්තුව පිලිබද අසහාය කැමැත්ත හේතුවෙන් මෙම ක්‍රියාවලියේ තිබූ අකාර්යක්ෂමතාවන් හදුනා ගැනීමට හැකි වු අතර මලනොබැදෙන මෙවලම්, බරින් අඩු ඇලුමිනියම් රාමු, වැනි අතිශයින්ම සුදුසු වූ කොටස් එකතු කරමින් අනවශ්‍ය දෘඩාංග කොටස් ඉවත්කරමින් අළුත්වැඩියාවෙන් බොහෝ තොර වූ බයිසිකලයක් නිර්මාණය කරමින් ඔහුගේ සිහිනය සැබෑ කරගන්නා ලදි.

යදම් ශබ්ද සහිත දම්වැල් ක්‍රියාවලියෙන් ඉවත්ව, අභ්‍යන්තර වක්‍රනාභියක් (Internal Hub) සහිත ක්‍රියාවලියක් හදුනා ගන්නා ලද අතර බොහොමයක් බයිසිකල් සදහා දැතිරෝද මූලධර්මයට අනුචිතව වේග තුනක් ලබාදෙන අභ්‍යන්තර  දැතිරෝද වක්‍රනාභියක් ( Shimano three-speed Internally geared Hub) යොදා ගන්නා ලදී. මෙම වක්‍රනාභියෙන් පිටුපස රෝදය තදින් සවිවීම හේතුවෙන් දම්වැල පීලිපැනීමේ ප්‍රවණතාව අඩුවිය. ලෝහ දම්වැල් මලකෑම/ඇදීමට ලක්වීම   සිදුවන බැවින් ඒ වෙනුවට Belt Drive System හදුන්වා දෙන ලදී.

වර්ෂ 1980 දී ජනප්‍රිය වූ Harley–Davidson මෝටර් බයිසිකලය සදහා මෙම වැඩිසියුණු කිරීම් බාවිතා කරන ලදී. අභ්‍යන්තර වක්‍රනාභිය ආධාර කරගනිමින් තිරිංග තවදුරටත් කාර්යක්ෂම කල අතර එමගින් පොටවල් කිහිපයක් සහිත කම්බිවල (Cable)  ආතතිය අඩුවීම වැලැක්වීම, පෝරු ලිස්සා යාම හේතුවෙන්  රෝද තල්ලුවීම වැලැක්වීම වැනි ක්‍රියාවන්  සිදුකරන ලදී. තවද රෝද සැකසීමේදී ටයර සිදුරුවීමට ප්‍රතිරෝධි වන ලෙසද, පහසුවෙන් හුලං පිම්බීම සිදුකර නඩත්තු කල හැකි ලෙස ද වැඩිදියුණු කරන  ලදී.

එච්. එස්. ද සොයිසා
විද්යා හා තාක්ෂණ නිලධාරී - ගාල්ල කඩවත් සතර

උපුටා ගැනීම : http://www.popsci.com/article/gadgets/bike-never-needs-repairs?src=SOC&dom=tw  

No comments:

Post a Comment