කාමරයක් තරමි විශාල වූ පරිගණකයක සිට අත්ල මත තැබිය හැකි කුඩා පරිගණකයක් දක්වා පරිඝණකයේ මුහුණුවර වෙනස් වූයේ පරිගණක
තාක්ෂණයේ සීග්‍ර දියුණුවත් සමගමය. මෙහි මුහුණුවර desktop , laptop හා palmtop
ලෙස විකාශණය වී අද වන
විට ජංගම දුරකථනය දක්වා ව්‍යාප්ත වී ඇත.
දැනට භාවිතා වන laptop පරිඝණකයයේ ඇති එක් දුර්වලතාවයක් නම් එය තැනින්
තැනට ගෙන යාමට ඇති අපහසුවයි. අනෙක් කාරණය වන්නේ ඊට අවශ්‍ය වන විදුලි හා දත්ත රැහැන්
(electric & data cables) සම්බන්ධකයන්ය.
මෙම අපහසුතා මගහැරවීමට සමත් නිර්මාණයක් කිරීමට ජර්මනියේ Orkin Design සමාගම පියවර
ගෙන ඇත. මේ සදහා Rolltop සංකල්පය යොදා ගෙන
ඇත. එනම් laptop පරිඝණකය තැනින් තැන රැගෙනයාම සදහා බෑගයක් භාවිතා කිරීම වෙනුවට මධ්‍යස්ථ
සිලින්ඩරාකාර ආධාරකයක් වටා එතෙමින් දිගහැරෙමින් සකස් විය හැකි තිරයකින් සමන්විත මොනිටරයක්
හා පද්ධතියකින් යුක්තව මෙය සකස් වී තිබේ.
මධ්‍යස්ථ සිලින්ඩරාකාර ආධාරකයේ බැටරිය, ස්පීකර, කැමරා, USB ports හා LAN port ස්ථානගත කර ඇති අතර විදුලි හා දත්ත රැහැන් ද ඊට සම්බන්ධිතය. මෙහි විශේෂිත කොටස වන්නේ නම්‍යශීලී තිරයයි. මධ්‍යස්ථ සිලින්ඩරාකාර කොටසින් විසන්ධි කල විට පැදුරක් දිගහැරෙන ලෙස සකසා ඇති එය, එහි පහල කොටස ස්පර්ෂ සංවේදී යතුරු පුවරුවක් (onscreen keyboard) හා ඉහල කොටස අගල් 17 සිට 13 දක්වා සැකසෙන ස්පර්ෂ සංවේදී පැතලි තිරයකින් (monitor-like display) සමන්විතවේ.
මේ පිළිබදව පර්යේෂණ පවත්වන බොහෝ සමාගම් අතරෙන් ජර්මන්යේ Orkin සමාගම ඉදිරියන් සිටීයි. පරිඝණක ක්ෂේත්‍රෙය් දැනට
බහුලවම භාවිත වන laptop පරිඝණකය සදහා විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙම තාක්ෂණයට ඉදිරියේදී
හැකිවනු ඇත.
විද්‍යා හා තාක්ෂණ නිලධාරි ,තිඹිරිගස්යාය.
No comments:
Post a Comment