December 15, 2014

ඉවත ලන වීදුරු හා ප්ලාස්ටික් ඉදිකිරීම් ක්ෂේත්‍රයට

පුරාතනයේ ස්වභාවික ද්‍රව්‍ය වලින් පරිසරය සුරැකෙන අන්දමින් නිවාස, ගොඩනැගිලි හා මංමාවත් ඉදිවිය. එබැවින් ඒවා පරිසර හිතකාමි ( Environmentally friendly structures) හරිත ඉදිකිරීම් ලෙස සැලකිය හැක.

නමුත් අද නගරයේ කොන්ක්‍රීට් ගොඩනැගිලි බහුල නිසා විශාල නගර වලට කොන්ක්‍රීට් වනාන්තර යැයිද කියනු ලැබේ. එහෙත් සංවර්ධනය උදෙසා ඉදිකිරීම් නවතාලිය නොහැක.

සිමෙන්ති සහ කොන්ක්‍රීට් භාවිතය ඇරඹීමෙන් පසු ඉදිකිරීම් කර්මාන්තය ඉතා සීඝ්‍ර ලෙස ලොව පුරා ව්‍යාප්ත විය. එදිනෙදා නිවාස තැනීමේදී , මහා පරිමාණ වාණිජ ගොඩනැගිලි ඉදිකිරීමේදී හා යටිතල පහසුකම් සැපයීමේදීත් සිමෙන්ති සහ කොන්ක්‍රීට් පුළුල් ලෙස භාවිතා වේ.

“පර්සර දූෂණය” සංවර්ධනය හා බැදී පවතියි. මේ නිසා අද ඉංජිනේරුවන් පරිසර හිතකාමී ඉදිකිරීම් කෙරෙහි සැලකිල්ල යොමු කර ඇත.

සීග්‍රෙයන් වෙනස් වන නවීන ඉංජිනේරු හා වාස්තු විද්‍යාත්මක මෝස්තර, නවතම අමුද්‍රව්‍ය, උසස්තම වැඩ නිමාව කරා ඉදිකිරීම් ක්ෂේත්‍රය දිව යද්දී පර්සර දූෂණයට හේතුකාරක ද්‍රව්‍ය ආශ්‍රෙයන් කල හැකි ඇතැම් නිර්මාණ කෙරෙහි සුබවාදී දෘෂ්ටියකින් බැලීමද වටියි.

දැනට සිමෙන්ති , වැලි, ජලය හා මැටල් (Metal) සුදුසු අනුපාතයන් අනුව මිශ්‍ර කිරීමෙන් ශක්තිමත් මිශ්‍රණයක් සාදා ගඩොල් (Bricks) එකිකෙක බැදීම සාමාන්‍ය ක්‍රමයයි.
නමුත් ඉවත ලන වීදුරු හා ප්ලාස්ටික් ඉදිකිරීම් ක්ෂේත්‍රයට උපයෝගී කරගැනීමට හැකියාවක් ඇත. මෙවන් නව අදහස් මගින් ඉදිකිරීම් ක්ෂේත්‍රයට පෙරලියක් සිදු කිරීමට නොව සංවර්ධනය හමුවේ පරිසරය දූෂණයට එරෙහිව යම් කිසි විකල්පය කාර්යයක් ඉටු කිරීමට යොදා ගත හැකිවේ.

තවද ඉදිකිරීම් සදහා අධික පිරිවැයක් දැරීමට සිදුවන නිසා මූලික අවශ්‍යතා සපුරා ගැනීමටවත් නොහැකි ඌන සංවර්ධිත රටවල්වලට මෙම ක්‍රෙමෝපායන් ඵලදායී වේ. 

සකස් කලේ : අනුෂා සාගරිකා
විද්‍යා හා තාක්‍ෂණ නිලධාරි ,තිඹිරිගස්යාය.

No comments:

Post a Comment