ඇලුමීනියම්
යනු පෘථිවි කබොලේ සුලභ ලෝහයක් වන අතර පාංශු හා ජල මාධ්‍යයන් ඔස්සේ ශාක මගින්
අවශෝශණය වන බැවින් ආහාර තුලද ස්වභාවිකව අංතර්ගත වන ලෝහයකි. බොහොමයක් ඇලුමීනියම්
සංඝටකයන් අප පරිභෝජනය කරන ආහාර හා ඖෂධ ඔස්සේද රූපලාවන්‍ය සදහා භාවිත විවිධ ආලේපනයන්
ඔස්සේද බහුලව ශරීර ගතවේ. එසේම බොහොමයක් සැකසූ ආහාර, තේ,බිස්කට් හා කේක් සදහා යොදන
වැඩුම් කාරක, ඇසපිරීන්,ජල පිරිපහදු සදහා යොදන රසායනිකයන්, ප්‍රථි ආම්ලික ඖෂධ හා
වැක්සීන් තුල ඇලුමීනියම් බහුලව ඇති අතර ආහාර පිසීමට යොදාගන්නා උපකරණ හා ඇසුරුම්
මෙම අවධානම දෙගුණ තෙගුණ කරයි.
මෑතකදී කරනලද සොයාගැනීම්වල ප්රථිඑලයක් ලෙස, ඇලුමීනියම් සංඝටක හේතුවෙන් මිනිස් මොලය ආශ්‍රිතව හානිකර තත්වයන් ඇතිවිය හැකිබවට රතු එලි දැල්වී හමාරය. මේ පිළිඹදව පර්යේෂණයක යෙදුන කීල් විශ්ව විද්‍යාලයේ
පර්යේෂකයන් පවසන පරිදි මෙසේ ඇලුමීනියම් සංඝටක මගින් මොලය ආශ්‍රිතව ඇතිකරන බලපෑම
හේතුවෙන් ඇල්ෂයිමර් රෝගය ඇතිවීමේ සම්භාවිතාවය ඉතාඉහල අගයක් ගන්නා බවය.
මිනිස් මොලය
ඇලුමීනියම් තැම්පත් වීමේ ඉලක්කගත ස්ථානයකි. ශරීරගත වන ඇලුමිනීයම් වලට සාපේක්ෂව
බහිශ්‍රාව්‍ය ඔස්සේ බැහැරලන ප්‍රමාණය සාපේක්ෂව අඩුවීම හේතුවෙන් තැම්පත්වීම සීඝ්රෙ
වේ. මෙම අතිරික්ත ඇලුමීනියම් අස්ථි, මොලය, වකුගඩු, හෘධය, මාංශපේෂී ආශ්රිත
පඨකයන්ගේ තැම්පත්වේ.
එසේම මොලය තුල
අංතර්ගත ඇලුමීනිම් සාන්ද්රනයන්හී උපරීම හා අවම විෂ සීමාවන් පවතින අතර එම ප්‍රමාණයන්
හේතුවෙන් ඇතිවන විෂවීම මොලයේ කිනම් ස්ථානයන් වෙත ඉලක්කගතවේදැයි තවමත් හරිහැටි අනාවරනය කරගෙන නැත.කෙසේවෙතත්
මෙලෙස මොලයේ ඇලුමීනියම් සංචිතයන් ඇතිවීම හා හානිකර මට්ටම ඉක්මවීමෙන් නියුරෝන
සෛලයන්ගේ මනා පාලනයට භාධා ඇතිවන බව පර්යේෂකයන් තහවුරුකරගෙන ඇත.මෙලෙස ශරීරගතවන
ඇලුමීනියම් පාලනය කිරිමටනම් මිනිසා විසින් ඇලුමීනියම් වෙත නිරාවරනය වීම පාලනය කල
යුතුව ඇත. මේ සදහා උපකරණ භාවිතයෙන් හා රසායනික ක්‍රම භාවිතයෙන් ශරීරගත හානිකර
ඇලුමීනියම් ඉවත්කරනවාට වඩා අවබෝදයෙන් හා අවධානයෙන් යුක්ත භාවිතය ඉතා වැදගත්බව
පර්යේශකයින්ගේ අදහසයි.
ශ්‍රීලාංකිකයින් වන අපද මේ සම්බන්දව දැඩි අවදානයක්
යොමුකල යුතු කාලය පැමිණ ඇත. මන්ද යත් අපරටේ කඩපිල්වල බහුලව අලවිවන ආහාර පිසීමට
භාවිතා කරන උපකරණ බොහොමයක් ඇලුමීනියම්කරණය වී ඇති අතර නිසි ප්‍රමිතියකින් යුක්ත නොවීමයි. තවද වෙළද
පොලේ කුණුකොල්ලයට අලවිවන ඇග ගල්වනයන් වඩාත් ප්‍රචලිත වී ඇති අතර අසීමාන්විතව තරුණ
පරපුර මේවා පසුපස හඹා යති. මේ සම්බන්ධව නිසි හා කඩිනම් විසදුම් නොගන්නේනම්
ඇල්ෂයිමර් රෝගයඅප රට තුලද හිසඹසවනවාට කිසිදු සැකයක් නැත.
www.dailymail.co.uk ඇසුරිණි.
No comments:
Post a Comment