December 4, 2014

යෝගට් වල වැදගත්කම

නව පර්යේෂණයකට අනුව වැඩිපුර  යෝගට් ආහාරයට ගැනීම තුලින් දියවැඩියාව 2 වර්ගය වර්ධනය වීම අඩු වන බව සොයාගෙන ඇත.BMC මෙඩිසින් සගරාව මේ බව අවධාරණය කොට යෝගට් ආහාරයට ගැනීමේ වැදගත්කම දක්වා ඇත.

දියවැඩියාව 2 වර්ගය ලෙස හැදින්වෙනුයේ ශරීරයට අවශ්‍ය ඉන්සියුලින්  අවශ්‍ය ප්‍රමාණයට නිපදවිම අඩුවිම හෝ ශරීරයේ සෛල මගින් ඉන්සියුලින් කෙරේ ප්‍රතිරෝධයක් ඇති කිරීමයි.මෙම තත්වය පුද්ගල ඡීවිත රටාව අනුව වැඩි වීමට හැකියාවක් ඇත.දැනට මිලියන 366 මිනිසුන් ප්‍රමාණයක් ලෝකයේ මෙම දියවැඩියාව දෙවන වර්ගයෙන් පීඩා විදින අතර එය 2030 වන විට මිලියන 552 දක්වා වැඩිවන බව සොයාගෙන ඇත. 

තවද ඉහත පරික්ෂණය මගින් යෝගට් වල ඇති ca,mg හා fatty acid මගින් දියවැඩියාව 2 වර්ගය අඩු කිරීමට බලපාන බව ආවරණය කරයි.මෙයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙනුයේ යෝගට් වල ඇති ප්‍රෝබයෝටික් බැක්ටිරියා මගින් මේද තත්වය හා ඇන්ටි ඔක්සිඩන්ට් තත්වය වැඩි කර  දියවැඩියාව 2 වර්ගය වර්ධනය වීම අඩු කරන බවයි.

මිට අමතරව පහත සදහන් සෞඛ්‍ය තත්ව යෝගට් එකක් දිනකට ආහාරයට ගැනීම තුලින් වර්ධනය කර ගත හැකි බව සොයා ගෙන ඇත.

1  1.ඔස්ටියෝපෝරෝසිස් වැලදීම වැලැක් වීම
Ca වලට අමතරව විටමින් D අන්තර්ගත යෝගට් මගින් වයස් ගත ඔස්ටියෝපෝරෝසිස් වැලදීම අඩු කරගත හැක.

2  2.  අධි රුධිර පීඩනය අඩු කිරීම
                   දිනකට යෝගට් එකක් ආහාරයට ගැනීමෙන් රුධිර පිඩනය අඩු කර ගත හැකි බව සොයා ගෙන ඇත.

ආහාර මාර්ගයේ විවිධ රෝග සදහා ගුණ දායකය
   උදා-ලැක්ටෝස් ඉන්ටොලරන්ස් සහිත පුද්ගලයින්ට
          මල බද්ධය සහිත පුද්ගලයින්ට
          ආහාර මාර්ගයේ පිලිකා සහිත පුද්ගලයින්ට

උපුටා ගැනීම-www.sciencedaily.com          

No comments:

Post a Comment