සාගර
මධ්‍යයේ ඇති තෙල් ළිං තුලින් ඛණිජ තෙල් ලබාගැනීමේදීත්,එම තෙල් විශාල නැව් මඟින් සහ
සාගර හරහා වැටී ඇති නල මාර්ග ඔස්සේ ප්‍රවාහනයේදීත් සිදුවන විවිධ ආපදා හේතුවෙන්
ඛණිජ තෙල් සාගර ජලය හා මුසුවීම නිරන්තරව සිදුවේ. එහෙයින් සාගර ජලය සහ වෙරළ ආශ්‍රිතව
ජීවත්වන විවිධ සත්ව විශේෂ මිය යාම, එම සතුන්ගේ බිත්තර විනාශ වීම, කොරල්පර, ශාක
විශේෂ විනාශ වීම තුලින් දැවැන්ත පාරිසරික ගැටඵ ඇතිකරනු ලබයි.
මෙසේ සාගර ජලය හා මුසුවන ඛණිජ තෙල් ඉවත් කිරීමට විවිධ රසායන ද්‍රව්‍ය එක්කිරීම මෙන්ම මිනිසුන් සහ යන්ත්‍ර සූත්‍ර යෙදවීමද සිදුවන මුත් ඒවා ඉතා වියදම් අධික මෙන්ම, වැඩි කාලයක් ගතවන,සංකීර්ණ ක්‍රමවේදයන් වේ.
මේ
සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන විද්‍යාඥයින් පිරිසක් සාගර ජලය හා මුසුවන ඛණිජ තෙල් ඉවත් කිරීමේ වඩාත්
සාර්ථක, ඵලදායී ක්‍රමයක් සොයාගෙන ඇත. එනම් සාගර පතුලේ ජීවත්වන ඛණිජ තෙල් ආහාරයට ගන්නා
Micrococcus සහ Rhodococcus නම් බැක්ටීරියා විශේෂ සාගර
ජලයේ ප්‍රජනනය කිරීමයි.මෙම බැක්ටීරියාවන් ඛණිජ තෙල් ආහාරයට ගැනීමෙන් පසුව පරිසරයට
එතරම් අහිතකර නොවන CO2 වායුව අපද්‍රව්‍යයක් ලෙස පිටකිරීමද මෙහිදී ඉතා සුබදායී කරුණක් වී ඇත. මෙම බැක්ටීරියාවන්
පර්යේෂණාගාර තුල වර්ධනය කර පසුව ඛණිජ තෙල් මිශ්‍රව ඇති සාගර ජලයට එක්කිරීම ප්‍රායෝගික
නොවන බැවින් උක්ත බැක්ටීරියාවන් පමණක් වර්ධනය කලහැකි පොහොර වර්ගයක් නිපදවීමෙහිලා
පර්යේෂකයින්ගේ අවධානය යොමුව ඇත.
උපුටා ගැනීම :-
http://www.fastcompany.com/1689468/terry-hazen-bacteria-eating-gulf-oil-spill-plume, http://earthsky.org/human-world/terry-hazen-on-bacteria-eating-gulf-oil-spill-plume
සැකසුම : -
ඒ.ටී. පතිරත්න
- විද්‍යා හා තාක්ෂණ නිලධාරී,බියගම විදාතා සම්පත් මධ්‍යස්ථානය
No comments:
Post a Comment