ප්‍රොසෙසරය වෙත යැවිය යුතු සහ ප්‍රොසෙසරයෙන් සකසා ලබා දෙන දත්ත ස්ථිර මතක උපාංගයක ගබඩා කරන තෙක් මතකයේ තබා ගැනීම RAM එකේ කාර්යයයි.
මෙහිදී හාඩ් ඩිස්කයේ ඇති දත්ත Data Cable මඟින් මවුපුවරුව (Mother Board) හරහා RAM එකටත් නැවත RAM එකෙන් මවු පුවරුවටත්, මවු පුවරුවෙන් Data Bus හරහා ප්‍රොසෙසරයටත් ගමන් කරයි.
- RAM card පරිගණකයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික උපාංගයක් ලෙස සැලකේ.
- පරිගණකය ON වීමේදී මෙහෙයුම් පද්ධතිය සතු තොරතුරුද හාඩ් ඩිස්කයෙන් RAM එක තුලට ලබා ගනී.
- අහඹු ප්‍රවේශ මතකය(RAM), නෂ්‍ය (Volatile) එනම් විදුලිය ලබා දෙන තෙක් පමණක් දත්ත රදවාගැනීමේ හැකියාව ඇති මතක උපාංගයකි.
- මවුපුවරුවේ ඇති විශේෂ සොකට්ටුවකට(RAM slots) සම්බන්ධ(plug) කළ හැකි කුඩා පරිපථ පුවරුවක් ලෙස RAM cards ලබා ගත හැක.
- RAM Cards ඒවා සතු ක්‍රියාත්මක වීමේ වේගය (RAM Speed) අනුව එකිනෙකින් වෙනස් වේ.
- විවිධ කාල වකවානු වලදී නිෂ්පාදනය කල ප්‍රොසෙසර්(Processor) සඳහා ඊට ගැලපෙන අාකාරයේ RAM Cards ද නිෂ්පාදනය විය.
ප්‍රොසෙසර් පරම්පරාව
|
භාවිතා වන රැම් වර්ගය
|
රැම් වේගය
|
486 &
Pentium I
|
SIMM (Single
Inline Memory Module)
|
66 MHz
|
Pentium II
|
DIMM (Dual
Inline Memory Module)
|
|
Pentium III
|
SDR (Synchronous
Dynamic RAM)
|
100-133 MHz
|
Pentium IV සහ ඉන් පසුව
ඉදිරිපත් කළ Dual Core, Core 2 Duo, Core i3,... යනාදී නවතම
ප්‍රොසෙසර් සඳහා
|
DDR 1(2002 වර්ෂය)
(Double Data
Rate) Memory 256MB – 4GB
|
200-400 MHz
|
DDR 2 (2004 වර්ෂය)
1GB – 4GB |
125-400 MHz
|
|
DDR 3 (2007 වර්ෂය) 1GB – 4GB
|
300-800 MHz
|
මවුපුවරුවකට ගැලපෙන RAM Card එකක් තෝරා ගැනීමේදී සැලකිලිමත්
විය යුතු කරුණු
- මවුපුවරුවේ Clock pulse එකට සමාන Speed එක තිබීම.
- එකම මවුපුවරුවට RAM Cards දෙකක් සවිකිරීමේදී ඒවා එකම සමාන වේගයන්ගෙන් යුතු වීම.
පරිගණකයක RAM එක දෝෂ සහිත නම්,
- පරිගණක තිරය මත කිසිවක් දර්ශනය නොවේ.
-
සමහර පරිගණක ON වීමේදී ඉබේම restart වේ. උපුටා
ගැනීම :-
en.wikipedia.org/wiki/Random-access_memory සහ පොත පත ඇසුරිනි.සැකසුම : -ඒ.ටී. පතිරත්න - විද්‍යා හා තාක්ෂණ නිලධාරී,බියගම විදාතා සම්පත් මධ්‍යස්ථානය
No comments:
Post a Comment