Magnetic Resonance Imaging (MRIp), Nuclear Magnetic
Resonance Imaging (NMRI), Magnetic Resonance Tomography (MRT) යනුවෙන්
හදුන්වනු ලබන්නේ වෛද්‍ය විද්‍යාවේදී ශරීරයේ විවිධ කොටස් (Anatomy) හි මෙන්ම කායික විද්‍යාවේදී (Physiology) රෝග විනිශ්චය සඳහා සවිස්තරාත්මක
වෛද්‍යමය ප්‍රතිරෑප
(Image) ලබා ගැනීම සඳහා භාවිතා කරනු ලබන තාක්ෂණයකි. MRI Scanners හි ක්‍රියාකාරීත්වය සඳහා ඉතා
ප්‍රබල චුම්භක ක්ෂේත්‍රයන් සහ රේඩියෝ තරංග භාවිතා වේ. මෙම තාක්ෂණය බොහෝවිට අරෝග්‍යාශාලා
වල දී භාවිතා කරන අතර අයනීකෘත විකිරණයන් (X
ray වැනි ) භාවිතා
නොකර රෝග විනිශ්චය කටයුතු කිරීම සඳහා භාවිතා කරනු ලැබේ.
අයනීකෘත විකිරණයන් (Ionized
Radiation) භාවිතා නොකරන
බැවින් විවිධ අයහපත් බලපෑමකින් තොරව රෝග විනිශ්චය සඳහා
භාවිතා කළ හැකි බැවින් මෙය CT
(X ray Computed Tomography) වඩා හිතකර තාක්ෂණයක් ලෙස සැලකේ.
MRI
භාවිතා
කර රෝග චිකිත්සාවන් කිරීම සඳහා ලෝකයේ විවිධ අංශ වලදී භාවිතා කිරීම් සිදු කරයි.
විශේයෙන් අඝාත (Strokes)
තත්ව,
ස්නායුගත පිළිකා සහ වෙනත් ස්නායුගත ආබාධ( Spinal
cord Injuries) ෂුෂුම්නා ආබාධ, tumers, aneurysms
, අක්ෂි
සහ අභ්‍යන්තර කන් ආබාධ යනාධිය සොයා ගැනීමටත්, මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය සහ එහි
ව්‍යුහය පිළිබඳව අවබෝධය ලබා ගැනීමට ත් MRI මගින් හැකියාව ඇත.
මනුෂ්‍ය ශරීරයේ බහුලව හමු වන්නේ ජල අණුය. මෙම ජල (H2O) අණු වල ඇති
හයිඩ්‍රජන් ප්‍රෝටෝන Hydrogen
Nuclei (protons) චුම්භක ක්ෂේත්‍රයේදී චලනය වේ. MRI Scanner මගින් ඉතා ප්‍රබල චුම්භක ක්ෂේත්‍රයක් සැපයූ විට (about 0.2 to 3 teslas) ප්‍රෝටෝන එකට පෙළ (Aligned)
ගැසී චලනය (අනුධ්වනිය වීමට- Resonance)
වීමට
පටන් ගනී. Scanner යන්ත්‍රය මගින්ද රේඩියෝ තරංග නිෂ්පාදනය කරන අතර වෙනස්
වන චුම්භක ක්ෂේත්‍ර ඇතිවේ. ප්‍රෝටෝන මගින් මෙම වෙනස් වන චුම්භක ක්ෂේත්‍ර ශක්තිය උරා ගෙන චලනය
වීමට පටන් ගනී. චුම්භක ක්ෂේත්‍රය සැපයීම නැවතූ විට චලනය වීම නවතී. මෙහි ප්‍රතිඵලයක්
ලෙස නිකුත් වන රේඩියෝ තරංග Scanner
යන්ත්‍රය මගින් හඳුනාගෙන ප්‍රතිරෑපයක් ලබා දේ. ශරීරයේ විවිධ පටක වල
ඇති ප්‍රෝටෝන
මගින් විවිධ වේග වලින් චලනය වන අතර මෙම පටක Scanner
යන්ත්‍රය
මගින් හඳුනා ගත හැක. මෙම ශරීර ව්‍යුහයේ ප්‍රතිරෑප ත්‍රිමාණකරණය
සඳහා අමතර චුම්භක ක්ෂේත්‍රයක් ද භාවිතා කරනු ලැබේ.
MRI
Scan ක්‍රම විධි ආකාර කිහිපයක්ම ඇත. diffusion
MRI සහ
functional MRI (fMRI) යනු එම ආකාර අතරින් බහුලව භාවිතා කරන ක්‍රම
කිහිපයකි.
diffusion
MRI - මෙම ක්‍රමය මගින් ශරීරයේ පටක වල ජල අණු විසරණය (Diffusion) වී ඇති ආකාරය හඳුනාගත
හැක. stroke හෝ tumor
වැනි රෝග විනිශ්චය මෙමගින් කළ හැක. ස්නායු තුළ අණු පිහිටීමද විනිශ්චය කළ හැක.
functional
MRI (fMRI) - සවිස්තරාත්මකව ව්‍යුහයන් පිළිබඳව
දැන ගැනීම සඳහා විශේෂයෙන් මොළයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව
ප්‍රතිරෑප ලබා ගැනීමට මෙම functional
MRI ආකාරය
යොදා ගැනේ. මොළයේ
විවිධ කොටස්වල ලේ ගමන් කරන ආකාරය වෙනස් වීම පිළිබඳව හඳුනාගත
හැක.
උපුටා ගැනීම්
http://www.livescience.com/39074-what-is-an-mri.html
http://en.wikipedia.org/wiki/Magnetic_resonance_imaging
No comments:
Post a Comment