OLED
(Original light Emitting Diodes) යනු
පැතලි තිර රූපවාහිනි යන්ත්‍රවලට හා ස්මාට්පෝන් වලට යොදා ඇති දියුණූ ප්‍රදර්ශක
තාක්ෂණයකි. තිරය අතිශය තුනීවට නිපදවීමට පමණක් නොව එය වක්‍ර වූ හැඩයකින්
නිපදවීමටත් දෘෂ්‍ය කෝණයක සිට නැරඹීමටත්
මෙම OLED තාක්ෂණය උදව් වනු ඇත.
Fluorescent හා
phosphorescent
(PHOLED) යනුවෙන්
OLED තාක්ෂණයන්
දෙකක්
ඇති
අතර
phosphorescent තාක්ෂණය
Fluorescent තාක්ෂණයට
වඩා
සිව්
ගුණයකින්
කාර්යක්ෂම
වේ.
එහෙත්
phosphorescent තාක්ෂණය
මෙතෙක්
කලක්
සීමා
වී තිබුනේ
රතු
හා
කොළ
OLED වලට පමණී.
(OLED පැතලි තිරවල
යොදා
ගැනෙන
මූලික
ප්‍රදර්ශක
වර්ණ
තුන
වනුයේ
රතු
කොළ
හා
නිල්
වර්ණකයි.)
නිල්
OLED තව දුරටත්
ක්‍රියා
කලේ
Fluorescent OLED තාක්ෂණය
යටතේ
පමණී.
මේ
නිසා
සෙසු
වර්ණ
යුගල
උපදවන
OLED අතිශය කාර්යක්ෂමව
තිබියදී නවීන
OLED තිරවල යොදා
ගන්නට
සිදුව
තිබුනේ
කාර්යක්ෂමතාවයෙන්
අඩු
නිල්
OLED
ය.
නමුත් නිල්
පැහැ
OLED සදහා PHOLED
තාක්ෂණය
යෙදවීමට
හැකියාව
තිබුනද
එහි
ආයු
කාලය
කෙටි
වීම
ප්‍රධාන
ගැටලුව
වී
තිබුනි.
මීට
හේතුව
නිල්
පැහැය
නිපදවීම
සදහා
සෙසු
වර්ණ
යුගලට
අවශ්‍ය ප්‍රමාණයට
වඩා
වැඩි
ශක්ති
ප්‍රමාණයක්
අවශ්‍ය
වීමයි.
එම
අධික
ශක්තිය
නිසා
OLED හි අනු
බිද වැටීමක් සිදුවන අතර මේ නිසා කාලයත් සමග වර්ණය
මලාණික වනු ඇත.
නමුත් මෙම
ගැටලුවට
විසදුම්
දැනට
සොයාගෙන
ඇත.
එහිදී
නිල්
PHOLED
වෙත
සපයන
ශක්තිය
එක්
අන්තයකට
සාන්ද්‍රණය
වීමට
නොදී
විසිරුවා
හැරීම
මගින්
නිල්
පැහැ PHOLED
හි ආයු
කාලය
ඉහල
නංවා
ඇත.
මෙසේ
විසිරී
ගිය
ස්වභාවය
නිසා
එහි
ඇති
අනු
අධික
ශක්ති
සාන්ද්‍රණයකට
නිරාවරණය
නොවෙනු
ඇත.
නිල් පැහැ
PHOLED එකක් අර්ධ
සන්නායක
ද්‍රව්‍ය
වලින්
සෑදුනු
ස්ථර
(Layers)
කිහිපයකින්
සමන්විත
වේ.
මෙහි
එක්
ස්ථරයක්
ඉලෙක්ට්‍රෝනික
අතිරික්තයක්
පවතින
ස්ථරයක්
වන අතර එය N-type
layer ලෙසද හදුන්වයි.
මේ
ස්ථර
දෙක
අතර
ක්‍රියාකාරී
ස්ථරයක්
(An
active layer)පවතී. අර්ධ
සන්නායකයේ
අග්‍ර
අතරට
විද්‍යුත්
වෝල්ටීයතාවයක්
ඇති
කළ
විට
සෘණ
ආරෝපිත
ඉලෙක්ට්‍රෝනික
සහ
ධන
ආරෝපිත
කුහර
එකිනෙක
සංයෝජනය
වන
ස්ථරය
මෙම
ක්‍රියාකාරී
ස්ථරය
වන
අතර
මෙලෙස
සිදුවන
ප්‍රතිසංයෝජනයේදී
ආලෝක
විමෝචනයක්
සිදුවේ.
මීට පෙර
PHOLED වල ඉලෙක්ට්‍රෝන
සිදුරු
යුග්මය
ඉලෙක්ට්‍රෝන
සන්නායකය
ඇති
අන්තයේ
වැඩියෙන්
එක්
රැස්වීම
නිසා
ඒ
පැත්තට
නිරාවරිත
ආලෝක
විමෝචක
සිවියේ
ඇති
අනු
වලට
හානි
සිදුවිය.
නමුත්
මෙම
ගැටලුව
විසදමින්
සාන්ද්‍රණය
එම
පැත්තේ
අඩු
වන
ලෙසත්
කුහර
සන්නායකය
පැත්තේ
වැඩි
වන
ලෙසත්
ආලෝක
විමෝචක
ස්ථරයේ
අනු
ප්‍රති
සැකසීමක්
සිදු
කෙරිනි.
මේ
නිසා
ඉලෙක්ට්‍රෝන
වැඩියෙන්
මැද
ස්ථරය
වෙත
ඇද
ගැනීමක්
සිදුවන
අතර
එමගින්
ශක්තිය
විසිරුවා
හැරීමක්
සිදුවනු
ඇත.
මෙම ක්‍රමය
යොදා
ගැනීම
නිසා
නිල්
PHOLED වල ආයු
කාලය
තුන්
ගුණයකින්
ඉහල
නැංවීමට
පර්යේෂකයින්
සමත්
වී ඇත.
ඉන්පසු
තවදුරටත්
පරීක්ෂණ
සිදු
කරමින්
මැද
ඇති
තුනී
තනි
ස්ථරය
ස්ථර
දෙකක්
බවට
වෙනස්
කරමින්
නිල්
PHOLED හි ආයු
කාලය
දස
ගුණයකින්
ඉහල
නැංවීමට
ඔවුන්ට
හැකියාව
ලැබී ඇත.
රතු කොළ
සහ
නිල්
පැහැති
ආලෝක
විමෝචක ඩයෝඩ
සුසංයෝගයෙන්
සුදු
පැහැති
ආලෝකය
නිපදවිය
හැකි
ආලෝක
විමෝචක
ඩයෝඩ
(white
light – emitting diode) නිපදවා
ගත
හැකිය.
මෙසේ
සුදු
පැහැති
LED නිපදවීම
තුලින්
විදුලි
පරිභෝජන
ක්ෂේත්‍රයේ නව
පෙරලියක්
ඇති
වනු
නොඅනුමානය.
මේ හැරුණු
විට
ජංගම
දුරකථන
ලැප්ටොප්
පරිගණක
පරිගණක
තිර
(Computer
monitor) රූපවාහිනි
තිර
නිෂ්පාදනයේදීද
මේ
විප්ලවීය
සොයා
ගැනීමේ
යෙදවුම්
වර්ථමානයේදී
ලොව
පුරා
බහුලව
භාවිත
වනු
ඇත.
උපුටා ගැනීම
- www.cnet.com,www.oled.info.com/introduction ,www.
Explaiuthatstuff.com ,www.extremetech.com
No comments:
Post a Comment