December 29, 2014

අයඩීන් ලුණු

ආහාරවල අඩංගු අයඩීන්  නම් ඛනිජමය මුලද්‍රව්‍ය අඩු වූ විට තයිරොක්සින් හෝමෝනය නිපදවීමට බාධා ඇති වේ.. තයිරොක්සින් හෝමෝනය සිරුරේ කායික සහ මානසික මනා ක්‍රියාකාරීත්වය වැදගත් වන හෝමෝනයකි.  එබැවින් අයඩීන් ඌනතාවය මන්ද බුද්ධික දරුවන් බිහිවීමට , ළමයින්ගේ වර්ධනය අඩු වීමට හේතුවේ. මේ නිසා ආහාරයට අයඩීන් එකතු කර ගැනීම අත්‍යවශ්‍ය  පෝෂණ  අවශ්‍යතාවයකි. බෙහෝ ආහාර සමග අයඩීන් මිශ්‍ර කළ හැකි වුවද සැවොම ආහාරයට ගන්නා ලුණු සමග අයඩීන් මිශ්‍ර කිරිම වඩා ඵලදායි වේ . එබැවින් කුඩු කරන ලද ලුණු කිලෝ ග්‍රෑම් එකකට පොටෑසියම් අයඩේට් මිලි ග්‍රෑමි 40ක් 50ක් පමණ එකතු කරනු ලැබේ.
නමුත් මෙම ලුණු අප භාවිත කරන ආකාරය නිසා ශරීරයට අවශ්‍ය නිසි අයඩීන් ප්‍රමාණය නොලැබී යාමෙන් පෝෂණවේදීන් බලාපොරොත්තු වන ඉලල්කවලට ළගා විය නොහැකි වී ඇත. 

ලුණුවල ඇති අයඩීන් හානි වීම වලක්වන්නේ කෙසේද?
* ලුණු අඳුරු පැහැ බෝතලයක තබන්න.
*
සෑම විටම රස්නය අඩු (ලිපට හෝ උඳුනට ඈතින්) ස්ථානයක ලුණු බෝතලය තබන්න.
*
ලුණු භාවිතයට පෙර සේදීමෙන් වලකින්න.
*
කෑම පිසීමෙන් පසුව  හෝ ආහාරයට ගැනීමේදී ලුණු එකතු කරන්න.
*විශාල කැට ලෙස ඇති ලුණුවලට අයඩීන් මිශ්‍ර කළ නොහැකි බව සිහි තබා ගන්න.
*ළමුන්ට අමු අඹ, අන්නාසි වැනි දේ සමග අයඩීන් ලුණු කෑමට සලස්වන්න.
මෙලෙස  නිසි ලෙස අයඩීන් ලුණු භාවිතයෙන් අයඩීන් ඌනතාවය මගහරවා ගත හැකි වනු ඇත.


සකස්කලේ :
පී.ඩී.පී.ධනසේන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී.


No comments:

Post a Comment