පෘථිවි වාසී
මිනිසුන්ගෙන් මිලියන 39 ක් පමණ අන්ධ වන අතර තවත් මිලියන 256 ක් අර්ධ අන්ධතාවයෙන්
හා අක්ෂි රෝග වලින් පෙළෙති. ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන ආකාරයට මෙම රෝගීන්ගෙන්
80% කගේ රෝගී තත්වය වළක්වාලීමට හෝ නිවාරණය කිරීමට හැකියාව තිබේ. ඒ සඳහා මූලික
වශයෙන් අවශ්‍ය වනුයේ ඇස් රැක ගැනීම සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයක් පමණි. එනම්, අත්‍යාවශ්‍ය
අක්ෂි ශල්‍ය විද්‍යාත්මක උපකරණ දුගී හා දුෂ්කර ප්‍රදේශ සඳහා භාවිතා කිරීමට පහසුකම්
සැලැස්වීමයි. Peek Version නම් ආයතනය විසින් සංවර්ධනය කරන ලද අතේ ගෙන යා හැකි අක්ෂි පරීක්ෂණ උපකරණ
කට්ටලයක් වූ Peek Retina මෙම ගැටලුවට සාර්ථක විසඳුමක් විය හැකිය. Peek Retina නම් මෙම අක්ෂි පරීක්ෂණ උපකරණ
කට්ටලය ප්‍රමාණයෙන් ඉතා කුඩා වන අතර Smart Phone ට සම්බන්ධ කළ හැකිය. ඒ නිසා
වෛද්‍යවරුන්ට පහසුවෙන් හා අඩු මිලකට රෝගීන්ගේ අක්ෂි සම්පූර්ණ පරීක්ෂාවකට ලක්
කිරීමේ හැකියාව ලැබේ.
යෝග්‍ය තීව්‍රතාවයකින් යුත් ආලෝක කදම්භයක් සුදුසු කෝණයකින් ඇස් මත යොමු
කිරීමට Peek Retina භාවිතා කළ හැකිය. එනම්, Smart Phone ට සම්බන්ධ (ක්ලිප්) කළ මෙම නව උපකරණය මගින් දෘෂ්ඨි
විතානය නිවැරදිව පරීක්ෂා කිරීමට වෛද්‍යවරුන්ට අවස්ථාව ලැබේ. Smart Phone හි කැමරාව සමඟ සම්බන්ධවීම
හේතුවෙන් ඉතා පැහැදිලි රූප ලබාගැනීමේ හැකියාව නිසා අවශ්‍ය නම් ඇස් නිරීක්ෂණ වාර්තා
නැවත වරක් අධ්‍යනයකට භාජනය කිරීමද පහසුවේ.
නීලකාච (Glaucoma) හා අක්ෂි පටල (cataracts) වැනි රෝග තත්වය හඳුනාගැනිමට
මෙම උපකරණය පහසුවෙන් භාවිතා කළ හැකි බැවින් එම රෝගී තත්ව සමනය හෝ අඩු කිරීමට ප්‍රතිකාර
කළ හැකිය. තවද දියවැඩියාව, මැලේරියාව සහ ආවෘතිදාහය (meningitis) වැනි පෙනීම සඳහා බලපෑම් කරන
රෝග වල සංකුලතා මගින් මොළයේ ඉදිමීම් හඳුනා ගැනීමට Peek Retina උපකාර වේ. රෝගී තත්වය
සම්පූර්ණයෙන් හඳුනා ගැනීමෙන් ඒ සඳහා කළ ප්‍රතිකාර හා චිකිත්සාවන් පිළිබඳව වෛද්‍යවරයාට නිරන්තර අවධානයෙන්
කටයුතු කළ හැකි වේ.
පසුගිය වසර දෙකක කාලය තුල වෛද්‍යවරු මෙම උපකරණයේ මූලාකෘති මාලීදූපත්, බොට්ස්වානා,
කෙන්යාව වැනි රජ්‍යයන්හි අති දුෂ්කර ප්‍රදේශ වල භාවිතා කිරීමෙන් ලබා ගත් ප්‍රතිඵල
ඉතා ආකර්ෂණිය බව සඳහන් වේ. සෞඛ්‍ය සේවා නිලධාරීන්ට සතියකට පුද්ගලයින් 1000 කගේ පමණ
අක්ෂි පරීක්ෂා කිරීම මෙම තාක්ෂණය භාවිතාවෙන් කළ හැකිවේ. දුෂ්කර ප්‍රදේශ සඳහා පමණක්
නොව Peek Retina සිරිකඳවුරු, කර්මාන්තපුර, සෞඛ්‍ය මධ්‍යස්ථාන වලද භාවිතා කළ හැකි අතර
නිවසේදී පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය වෘත්තිකයින් අත්‍යාවශ්‍ය නොවේ.
උපුටා ගැනීම:
New Device Performs Eye Exams
with Smart Phone – by Lisa Winterhttp://www.iflscience.com/device-performs-eye-exams-smartphone
https://www.youtube.com/watch?v=BKjOuSAaZp4
No comments:
Post a Comment