පුද්ගලයෙකුගේ
ශරීර බරින් 55-70% දක්වා වූ ප්‍රමාණයක් ජලය වේ. මේදමය පටකවල 20% ක් පමණද මාංශ
පේෂීවල 75% ක් පමණද රුධිරයේ 90% ක් පමණද ජලය අඩංගු වේ. මේ නිසා ජලය යනු සිරුරේ සෑම
කොටසකටම අවශ්‍ය වන වැදගත් පෝෂකයකි.
ශරීරයේ සිදුවන
විවිධ වෙනස් වීම් තුලනය කිරීම, ආහාර ජීර්ණය, ආහාර වලින් පෝෂක අවශෝෂණය කිරීම, රුධිර
සංසරණය, පටක වල ඇති අපද්‍රව්‍ය බැහැර කිරීම සහ බහිශ්‍රාවය යන ක්‍රියාවලට ජලය අවශ්‍ය
වේ.
විවිධ රසායනික ද්‍රව්‍ය, හෝමෝන, විටමින් B,C ආදිය එහා මෙහා ගෙනයෑම
සදහා ද්‍රව්‍යයක් වන්නේද ජලයයි. වකුගඩුවල හා මූත්‍රාශයේ ගල් හට ගැනීම ජලය මැනවින්
පානය කිරීමෙන් සෑහෙන දුරට මග හරවා ගත හැක.
අපගේ දෛනික ජල අවශ්‍යතාවය ?
වැඩුණු පුද්ගලයෙකුට දිනකට ජලය ලීටර් 5.5 ක්
පමණ පානය කිරීම නිරෝගී දිවි පැවැත්මකට උපකාරී වේ. ජලය මිනිස් සිරුර සදහා
අතිවිශිෂ්ඨ පොෂකයක් වේ.
සැකසුම : විද්‍යා හා තාක්ෂණ නිලධාරී - මාතලේ
උපුටා ගැනීම :
http://thisworksb odywrap.com/how-much-w ater-to-drink-with-it-works-body-wraps/
No comments:
Post a Comment