මෙම අත් පළඳනාවේ බොත්තමක් එබූ සැනින් එයට ස්වයංක්‍රීයව ඉහළ ආකාශයට පියාඹා යාමට හැකියාව ඇත. අඩි පනහක් පමණ ඉහළට ගමන් කර කැමරාව හෝ වීඩියෝ කැමරාව ක්‍රියාත්මක වී අයිතිකරුගේ ඡායාරූපය ලබා ගෙන නැවතත් අයිතිකරු වෙත පැමිණ ඔහුගේ හෝ ඇයගේ අතේ පළදනාවක් බවට නැවතත් පරිවර්තනය වේ. අයිතිකරු තනිවම සිටියද සමූහයක් මැද සිටියද තම අයිතිකරු හඳුනා ගැනීමට මෙයට හැකියාව ඇත. Intel සමාගම විසින් නිපදවන ලද Chip එකක් මෙම උපකරණය තුල අන්තර්ගතය. මෙම නව නිර්මාණය සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ පහක් වටිනා මුදල් ත්‍යාගයක් Intel සමාගම විසින් නෙක්සි කණ්ඩායමට පිරිනමන ලදි.
කැමරාකරුවෙක් නොමැතිව හුදකලාව යම් යම් කාර්යයන් වල නිරත
වන, තමන්ගේ ඡායාරුපයක් ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයින්ට මෙය මහත් සේ ප්‍රයෝජනවත් විය හැකි බව නෙක්සි කණ්ඩායම
පවසයි. කඳු
තරණය කරන්නන්ට, බයිසිකල් ධාවකයින්ට, ජිම්නාස්ටික් ශූරයින්ට මෙය වඩාත්
වැදගත් වනු ඇත. විශේෂයෙන්ම නොයෙකුත් වික්‍රමයන් හුදකලාව සිඳුකරන්නන්ට තම අතේ
පැළඳිය හැකි නෙක්සි රිස්ටි බෑන්ඩ් එක මහත්
ඵලදායි වනු ඇත.
prototype තත්වයේ පවතින තම නව නිපැයුම Intel සමාගම සමග එකතු
වී වෙළදපොළට නිකුත් කළ හැකි ලෙසට නිෂ්පාදනය කිරීමට තමන් බලාපොරොත්තු වන බව නෙක්සි
රිස්ට් බෑන්ඩ් නව නිපැයුම්කරුවන් පවසයි.නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවේ කාර්ය බහුල වීදියක ගමන්
ගන්නා මගියෙකු අතින් ඉපිලී ඉහළ ආකාශයට ඉගිල ගොස් ඡායාරූපයක් රැගෙන නැවතත් ඔහු වෙත
පැමිණ අත් පළඳනාවක් බවට පත්වන උපකරණයක් ඔබ දුටුවහොත් ඉදින් පුදුම නොවන්න.
Daily FT news paper ඇසුරින් සකසන ලද්දේ
කාංචනා
හෙට්ටිආරච්චි
විද්‍යා හා
තාක්ෂණ නිලධාරි
කැලණිය
No comments:
Post a Comment