විටමින් යනු ඉතා අල්ප වශයෙන් සිරුර තුළ නිෂ්පාදනය කරනු
ලබන ආහාර මඟින් ලබා ගත යුතු ඉතා වැදගත් පෝෂක කොට්ඨාශයකි. මේවා ශරීරයේ ආරක්ෂාවට සහ
වැඩීමට අත්‍යාවශ්‍යය වේ.එසේ වුවද මේවා ශරීරයට ඉතා සුළු ප්‍රමාණයන්ගෙන් අවශ්‍යය වන
අතර ආහාරවල අඩංගු වන්නේද ඉතා සුළු ප්‍රමාණයන්ගෙනි. විටමින් A,B,C,E යනු විටමින් වර්ග සඳහා නිදසුන්
කිහිපයකි.
මෙම විටමින් වර්ග අතරින් විටමින් B සංකීර්ණයට අයත් වන්නා වූ විටමින්
වර්ගද අපේ ශරීරය තුළ විශාල කාර්යය භාරයක් සිදු කරයි. විටමින් B සංකීර්ණයට පැහැදිලිව හඳුනාගෙන ඇති විටමින් වර්ග අටක් හා ඒවාට අනුබද්ධ
තවත් රසායනික සංයෝග කිහිපයක් අයත් වේ. එම විටමින් වර්ග අතරින් විටමින් B1 හෙවත් තයමින් යනු අපගේ ශරීරය තුළ වැදගත්
කාර්යක් ඉටු කරන්නා වූ විටමින් B සංකීර්ණයට අයත් විටමින්
වර්ගයකි.
තයමින් හෙවත් විටමින් B1 වෙනත් එන්සයිම සමඟ එක්ව ශරීර පරිවෘත්තිය ක්‍රීයා උත්තේජනය කරයි. පිෂ්ටය
බිඳී ශක්තිය පිට කිරීමේ ක්‍රීයාවලිය සඳහා විටමින් B1 අවශ්‍යය වේ. තයමින් නොමැති වු විට අර්ධ වශයෙන් බිඳී
ගිය පිෂ්ඨය ඉතුරු වේ. ඒවා සිරුර තුළ එකතුවන බැවින් පිෂ්ඨය මඟින් ශක්තිය ලබා ගැනීමේ
ක්‍රියාවට බාධා වේ. මේ නිසා ස්නායු පද්ධතියේ සහ මොළයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍යය
ශක්තිය ලබා ගත නොහැකි වන අතර ස්නායු පද්ධතියට හානි වීමට ද ඉඩ ඇත. එමෙන්ම මේදය හා
ප්‍රෝටීන මඟින් ශක්තිය ලබා ගැනීමේ ක්‍රියාවටද විටමින් B1 (තයමින්) අවශ්‍යය වේ.
යීස්ට් සහ සූර්යයකාන්ත
බීජවල විටමින් B1 (තයමින්) බෙහෙවින් අඩංගු වේ.සෝයා බෝංචි, රටකජු, තල හා කව්පි බීජ වල
වැඩි වශයෙන් තයමින් අඩංගු වේ. සහල් කුරුට්ටේ තයමින්(වි.B1) බොහෝ ප්‍රමාණයක් ඇතත් සහල් ඇටය සම්පූර්ණයෙන් ගත් කළ අඩු ප්‍රතිශතයක්
පවතී. පිෂ්ඨය ප්‍රධාන කොටගත් ආරහාරවලින් ශක්තිය ලබා ගන්නා පුද්ගලයින්
හට ශක්ති ජනනය සඳහා විටමින් B1 හෙවත් තයමින් අත්‍යාවශ්‍ය විටමින් වර්ගයකි. එම නිසා සහල්
ඹ්නෑවට වඩා පෑහීම සහ සේදීම සිදු නොකළ යුතුය.
උපුටැ ගැනීම: http://wikipedia/wiki/Thiamine
No comments:
Post a Comment