July 6, 2020

සාගරය ආශ්‍රිත නවෝත්පාදක තාක්ෂණය මගින් කාබන් ඩයොක්සයිඩ් විදුලිය බවට


කාබන් විමෝචනය නිසා පෙරට වඩා වැඩි වේගයෙන් කරකැවෙන දේශගුණික ඔරලෝසුව නිසා විමෝචනය වන කාබන් ඉන්ධන බවට පරිවරතනය කිරීමට පර්යේෂකයෝ පෙළඹී සිටිති. ඒ අනුව නව දෙමුහුන් ප්‍රවේශයක් ලෙස සෝඩියම් සහ කාබන් ඩයොක්සයිඩ් භාවිතා කර විදුලිය හා හයිඩ්රජන් නිෂ්පාදනය කිරීමේ නව
  තාක්ෂණික යොමුව නිසා පිරිසිදු ඉන්ධන භාවිතයක් පිළිබද ඉඟි පහළ වි තිබේ.

ගෝලීය දේශගුණික විපර්යාසවලට විසදුම් සෙවීමේ ක්‍රියාකාරකම් නිසා කාබන් අල්ලා ගැනීමඋපයෝජනය සහ අනුක්රමණය කිරීම (CCUS) යන තාක්ෂණයට මෑත දී ලොව විශාල අවධානයක් යොමු කර ඇති බව UNIST හි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය Guntae Kim (ගුන්ටේ කිම්) ප්‍රකාශ කරයි. රසායනිකව ස්ථායී COඅණු වෙනත් ද්‍රව්‍යවලට පහසුවෙන් පරිවර්තනය කළ හැකි වීම, මෙම තාක්ෂණයේ ප්‍රධානතම අංගයයි. එය උපයෝගී කර ගනිමින්, මෙම නව පද්ධතිය CO2 විසුරුවා හැරීමේ යාන්ත්‍රනය සාර්ථකව ක්‍රියාත්මක කළ බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

ජල පදනමක් තුල කාබන් ඩයොක්සයිඩ් භාවිතා කර, පැය 1000 කට වැඩි කාලයක විදුලිය හා හයිඩ්රජන් නිෂ්පාදනය කිරීමට පර්යේෂකයන් විසින් කටයුතු කළ බව IScience සඟරාවේ වාර්තා වේ. එම පරිවර්තන අනුපාතය සියයට 50 ක් තරම් ඉහල අගයක් ගැනීම නිසා  මෙම නව තාක්ෂණයට වැඩි අගයක් එකතු වි තිබේ.

මෙම පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර පර්යේෂකයන් විසින් පෘථිවි සාගරයෙන් ආභාසය ලබා ගෙන තිබේ. මිනිසුන් විසින් නිපදවන ලද  කාබන්ඩයොක්සයිඩ් විමෝචනයෙන්  සැලකිය යුතු ප්‍රමාණයක් සාගරයට අන්තර්ග්‍රහණය වි ඒවා අම්ල බවට පත්වේ. මෙම ආම්ලිකතාව තවදුරටත් වැඩිකිරීම මගින් විදුලි බල මුලාශ්‍රයක් නිර්මාණය කිරීමට පර්යේෂකයින් සමත් වි ඈත.


අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ හර්ෂ ලංකේශ්වර

1 comments:

ඒක නම් සුපිරී.

Post a Comment