April 5, 2020

හරිත තේ


 සමාජයේ ප්‍රචලිත වී ඇති තරම්ම හරිත තේ සෞඛ්‍ය සම්පන්න දැයි අපි විද්‍යාත්මකව විමසා බලමු.මේ  දිනවල පැතිර යනකොරෝනා රෝගයට තේ පානය සුදුසු යයි සමාජය තුල මතයක් පවති. හරිත තේ (Green tea) ශරීර සෞඛ්‍යයට ගුණ යැයි සමාජයේ අදහසක් පවතිනවා  තේ මගින් ශරීරයේ ප්‍රතිශක්තීකරන පද්ධතිය ශක්තිමත්කරයි
හරිත තේ වල කැටෙචින් නමින් හැඳින්වෙන රසායන ද්‍රව්‍ය කාණ්ඩයට අයත් රසායන ද්‍රව්‍යයක් අඩංගු වෙනවා. එහි නම එපිගැලොකැටෙචින් ගැලේට් (Epigallocatechin gallate/EGCG). මෙම රසායන ද්‍රව්‍යය ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අඩංගු නියාමක ටී වසා සෛල (Regulatory T cells) සංඛ්‍යාව වැඩි කිරීමට සමත් වෙනවා. එමගින්, ඔබගේ ප්‍රතිශක්තිය හෙවත් ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීමට හරිත තේ වලට පුලුවන්. එපමණක් නොව, ස්ව-ප්‍රතිශක්ති රෝග (Auto-immune diseases) යටපත් කිරීමේ හැකියාවත් හරිත තේ වලින් ලැබෙනවා.

හරිත තේ වලට, සියලු හේතූන් නිසා ඇතිවන මරණ වල ප්‍රතිශතය අඩු කිරීමට හැකියාව තිබෙන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇති කරුණක්. මෙයට හෘද රෝග, පියයුරු පිළිකා, සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකා වලින් සිදුවන මරණ ද ඇතුළත් වෙනවා. ඔබ දිනකට හරිත තේ කෝප්ප 5 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පානය කරනවා නම්, සියලු හේතූන් නිසා ඇතිවන මරණ ඇතිවීමේ අවදානම 16% කින් පහල යනවා. එවිට, හෘද රෝග වැළඳීමේ අවදානම ද, හරිත තේ පානය නොකරන අයෙකුට ඇති අවදානමට වඩා 26% කින් පහත වැටෙනවා.

තේ  වල වැඩි වශයෙන් පවතින ඖෂධීය  සංඝටක වන්නේ පොලිෆිනෝල හා කැෆේන්ය. කැෆේන් උත්තේජයක් ලෙස ක්‍රියාකරනු ලබන අතර  එමගින් මධ්‍ය ස්නායු පද්ධතිය උත්තේජනය කොට සිරුරට වඩාත් ප්‍රබෝධමත් බවක් ලබාදේ .

තේ වල පවතින පොලිෆිනෝල වලට ප්‍රතිඔක්සිකාරයක් ලෙස ක්‍රියාකිරිමට හැකියාව ඇත. එම නිසා බොහෝ ලෙඩ රෝග සැදිමේ හැකියාව අවම කරනු ලැබේ. නුතන පර්යේෂණ වලට අනුව තේ යනු පොලිෆිනෝල බහුලව පවතින පානය ‍ලෙස හදුන්වා දී ඇත .

තේ වල පොටැසියම් මුලදුව්‍ය බහුලව පැවතුනද සෝඩියම් පවත්නුයේ ඉතා අල්ප ප්‍රමාණයකි .එම නිසා ආහාරයේ කැලරි ප්‍රමාණය පාලනය කල යුතු අයට තේ ඉතා යෝග්‍ය පානනයකි .එමෙන්ම තේ වල ෆ්ලෝරයිඩ් සැලකිය යුතු ‍ ප්‍රමාණයක් පවතින හෙයින් දත් දිරා යාම වලක්වා මුඛ ‍සෞඛ්‍ය  මනා ලෙස පවත්වා‍ ගෙන යාමට දායක වේ .

ෆොලීෆිනෝල  වලට ශරිරය තුල නිපදවෙන විෂ සහිත මුක්ත ඛන්ඩ වල බලපැම අවම කිරිමේ හැකියාවක් ඇත.

උපුටා ගැනීම - medicnal value of green tea

0 comments:

Post a Comment