August 8, 2019

මානව-සත්ව කළල පිළිබඳ පර්යේෂණ

ශරීරයේ ඉන්ද්‍රියන් ආශ්‍රිත රෝගීන් සුවපත් කිරීමට අවශ්‍ය ඉල්ලුම සඳහා මිනිස් බද්ධ කිරීම් වලට සහය වීම වෙනුවෙන් ජපාන රජය විසින් ප්‍රථම වරට මානව-සත්ව කළල පිළිබඳ පර්යේෂණ අනුමත කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ. කෙසේවෙතත් මින් අදහස් කරන්නේ දුර අනාගතයේදී දිය කිදුරියන්, නාරාශ්වයන් වැනි සුරංගනා කතා රුප සැබෑ ලෙස දැකීමට අපේක්ෂා කළ හැකි බව නොවේ යයි එහි තවදුරටත් සඳහන් වේ.

ජපානයේ මුලික සෛල (stem cell) විද්‍යාඥ Hiromitsu Nakauchi (හිරොමිට්සු නකාචි) මිනිස්-සත්ව කළල පිළිබඳ අත්හදා බැලීම සඳහා රජයේ අනුමැතිය ලබාගැනීමට පළමුවරට නිර්දේශ වී තිබේ. ඒ අනුව ටෝකියෝ විශ්ව විද්‍යාලයේ ප්‍රාථමික (මුලික/ stem) සෛල ජීව විද්‍යාව හා පුනර්ජනනීය ඖෂධ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වූ ස්ටැන්ෆර්ඩ්හි නකාචි (Stanford's Nakauchi) පර්යේෂණගාරයේ  කණ්ඩායම් නායක නකාචි කලලරූපය ධාරක සතෙකුට බද්ධ කිරීමට පෙර මීයන් සහ මූසික කළල වල මිනිස් සෛල වර්ධනය කිරීමට සූදානම් වේ. මූසික කළල සම්බන්ධ නකාචිගේ පර්යේෂණයට ජපානයේ විද්‍යා අමාත්‍යාංශයේ ප්‍රවීණයන්ගේ නිර්දේශය රජයේ අනුමැතිය සඳහා යොමු වූ පළමු අවස්ථාව මෙයයි.

මෙයින් අපේක්ෂිත අවසාන ඉලක්කය වන්නේ මිනිස් සෛල වලින් අවයව සෑදී ඇති සතුන් නිර්මාණය කිරීමයි. මෙම අවයව ඉන්ද්‍රිය පරිත්‍යාග බලාපොරොත්තුවෙන් සිටින දිගු පොරොත්තු ලැයිස්තු අඩු කිරීමට හා ඒවා නොලැබීමෙන් හෝ ප්‍රමාද වීමෙන් අහිමි වන රෝගී ජිවිත ආරක්ෂා කර ගැනීමට අපේක්ෂා කරයි.

මෙවැනි කලලරූප ක්ෂණිකව ගෙන ඒමට සැලසුම් නොකර සෙමින් හා සිය අත්හදා බැලීම් සමඟ ඉදිරියට යාමට ඔහු අදහස් කරන බව පැහැදිලි කරන නකාචිගේ පළමු පියවර වනුයේ දෙමුහුන් මූසික කළල දින 14.5 ක් වන තුරු වර්ධනය කිරීමයි. මෙම අවස්ථාව වන විට, කලලරූපය නියමිත කාලයට ආසන්න වන අතර අවයව සම්පූර්ණයෙන්ම පාහේ හැඩ ගැසිය යුතු බව Nature (නේචර්) සඟරාව වාර්තා කරයි.

නකාචි මේ වන විටත් මානව නොවන සත්ව දෙමුහුන්කරණය සාර්ථකව සිදු කර ඇති බැවින් අධ්‍යයනය පූර්වාදර්ශයකින් තොරව සිදු නොවේ. සත්ව දෙමුහුන්කරණය සම්බන්ධව 2017 වසරේදී ඔහු කළ අත්හදා බැලීම් සාර්ථක ප්‍රතිපල ලබා දී ඇත. ප්‍රථමයෙන් ඔහු මූසිකයෙකුගේ ප්ලුරිපොපෙන්ට් මුලික සෛල (pluripotent stem/ iPS) අග්න්‍යාශයක් නිපදවීමට නොහැකි මීයෙකුට එන්නත් කළේය. මූසික සෛල වලින් සමන්විත කර වූ පසු එම මීයා අග්න්‍යාශයක් වර්ධනය කිරීමට සමත් වී තිබේ. ඉන්පසුව ඔහු වර්ධනය කර ගත් නව අග්න්‍යාශය දියවැඩියාව රෝගය සහිත වෙනත් මූසිකයෙකුට බද්ධ කළේය. එහි ප්‍රතිලයක් ලෙස දියවැඩියා රෝගයෙන් පෙළෙනු මූසිකයාගේ දියවැඩියාව සුව විය.

මානව-සත්ව කළල මුළුමනින්ම නව සංකල්පයක් නොවන අතර  නිදසුනක් ලෙස, එක්සත් ජනපදය තමන්ගේම අවශ්‍යතා නිපදවා ඇති බව සඳහන් වෙතත් ඒවා ප්‍රසිද්ධියේ සිදු කර නැත. වෙනත් රටවලට මෙම ක්ෂේත්‍රය තුළ පර්යේෂණ අතිශය ලෙස සිමා කර ඇත්තේ අධ්‍යයන සඳහා ප්‍රතිපාදන ලබා ගැනීම නොහැකි කිරීමෙන් හා පර්යේෂණ සඳහා සීමාවන් පැනවීමෙනි. සමහර අවස්ථාවලදී එය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. ජපානයද එම රටවලින් එකකි. එහෙත් ඔවුන්ගේ නව මාර්ගෝපදේශ මඟින් විද්‍යාඥයින්ට එම කලලයන් අන්වාදේශයකට බද්ධ කර කාලීනව ගෙනයාමට ඉඩ ලබාදෙනු ඇතැයි වාර්තාවේ සඳහන්ය.

සමහර විද්‍යාඥයින්  සඳහන් කර ඇති පරිදි මිනිස් සෛල සත්වයාගේ අනෙකුත් කොටස් වලට, එනම් මොළය ඇතුළු විශේෂ අවයව වලටද ව්‍යාප්ත වීය හැකිය.  එවිට මෙම රුප රචනයට  cognition (සංජානනයට) බලපෑම් කළ හැකි විභවයක් පවතියි. නමුත් නකාචි පවසන්නේ තම කණ්ඩායම මෙම ගැටළු අත්හදා බැලීමේ සැලසුමට ඇතුළත් කර ඇති බවත් එමඟින් මෙම පරීක්ෂණ මිනිස් සෛල ඉලක්ක කරගත් මුලික ඉන්ද්‍රිය සඳහා පමණක් වන අතර පර්යේෂකයන් බොහෝ අත්දැකීම් ලබා ගත් පසුව පමණක් මොළය හා අනෙකුත් අවයවවල පර්යේෂණ හා ක්‍රියාවලීන් සඳහා සුවිශේෂිව යොමුවන බවයි. කෙසේවෙතත් මේ සියල්ලෙන් ලැබෙන දේ කාලය විසින් අපට කියා දෙනු ඇත.
  
අන්තර්ජාලය ඇසුරෙන් හර්ෂ ලංකේශ්වර
https://youtu.be/5c-V4XumJJw?t=260

1 comments:

can include study recommendations regarding politics notion, besides Gulf politics believed although because of in other regions across the world in the process. https://imgur.com/a/jgZLudd https://imgur.com/a/xR0h5G0 https://imgur.com/a/xs0xLsR https://imgur.com/a/7BDk72f https://imgur.com/a/5ZYVoaM http://mwukrwap8f.dip.jp https://imgur.com/a/qQQiPRY

Post a Comment