July 2, 2019

භූතාපජ ශක්තිය....

භූතාපජ ශක්තිය යනු පෘථිවි මධ්‍යමයේ සිදුවන න්‍යෂ්ටික ද්‍රව්‍යයන්ගේ තාප විසරණය පෘථිවි පෘෂ්ඨය වෙත පැමිණිමයි. මෙම තාප ශක්තිය ලෝකයේ බලශක්ති අවශ්‍යතාවය සැපිරීමට ප්‍රමාණවත් වන නමුදු එය භාවිතයට ගැනිමට අපහසු ආකාරයේ ශක්ති  ප්‍රභේදයකි. මෙම තාප ශක්තිය පෘථිවි පෘෂ්ඨයෙන් විවිධ කලාප වෙත අක්‍රමවත් අයුරින් බෙදාහරිනු ලබයි.

මෙම අධි තාපය හේතුකොට ගෙන පෘථිවි අභ්‍යන්තරයේ පවතින දෑ දියවි මැග්මා ලෙස පිටතට පැමිණෙන අතර පෘෂ්ඨයේ ඉරි තැලිම් හා විඛණ්ඩන වලින් විශාල වායු ප්‍රමාණයක් මුදා හරී. එසේම ගිණි කදු පිපිරීම්, ඉහල උෂ්නත්ව වායු ප්‍රතිදානයන්,උණු දිය උල්පත් වැනි ගිණිකදු සංසිද්ධි ද ඇති කරයි. මෙමගින් ඇතැම් සංසිද්ධි බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනිමට ප්‍රයෝජනවත් වේ.

මිනිසා ඈත අතිතයේ සිටම මෙම භූතාපජ ශක්තිය යම් යම් ආකාරයෙන් ප්‍රයෝජනයට ගෙන ඇත.මෙම භූතාපය අඩු උෂ්ණත්වය මධ්‍යම උෂ්ණත්වය හා අධි උෂ්ණත්වය ලෙස කාණ්ඩ 03කට වර්ගීකරණය කෙරේ.

අඩු උෂ්ණත්වය
සෙන්ටිග්‍රේඩ් අංශක 100 ට වඩා අඩුඋෂ්ණත්වයයි. මෙය ඍඡුවම භාවිතයට ගන්නා අතර උණුසුම් කිරිම, ගෘහස්ත හා සනීපාරක්ෂක කටයුතු සදහා උණු ඡලය ලබා ගැනිම, පිහිණුම් තටාක සදහා යොදා ගැනිම, හරිතාගාර සදහා හා වියළුම් කුටි සදහා ද භාවිතයට ගැනේ.විශේෂයෙන් සදහන් කල යුත්තේ මෙහිදි පරිභෝජන මධ්‍යස්ථානයන් භූතාපජ තැන්පතුවට ආසන්නයේ විය යුතුය.

මධ්‍යම හා අධි උෂ්ණත්වය
මෙම උෂ්ණත්වයේදි ගබඩා සැකැස්මේ සිට අන්තර් මධ්‍යනය භූතාපජ තරල (ඇමෝනියා සහ නිෂ්ක්‍රිය වායුව) පිටතට පැමිණෙයි.
භූතාපඡ තරල මතුපිටට පැමිණි විටදි එය භාවිතයට ගැනිම සදහා පරිවර්තනයන් ශ්‍රේණියක් සිදු කරනු ලබයි. සෙන්ටිග්‍රේඩ් අංශක 150 ට වැඩි උෂ්ණත්වයෙන් යුත් භූතාපජ තරල විදුලි බල නිෂ්පාදනයට යොදා ගනු ලබයි. සෙන්ටිග්‍රේඩ් අංශක 100ත් 150ත් අතර උෂ්ණත්වයේ පවතින විට ඒවා කර්මාන්තමය ක්‍රියාවලි සදහා යොදා ගනු ලබයි.

  භූතාපජ ශක්තිය භාවිතයට ගැනිමේ වාසි.
   01.   නොමිලේ ලැබෙන අසීමාන්තික ශක්තියක් වීම.
   02 . පුනර්ඡනනීය හා පරිසර අපවිත්‍රකාරක වලින් තොර වීම.
            කාලගුණික දේශගුණික විපර්යාස සදහා හේතු වන (O2 විමෝචනයෙන් තොර වීම.
   03.  ප්‍රාග්ධන වියදම් ඉතා ඉක්මණින් ආවරණය කර ගත හැකි වීම.
   04.  පාරිසරික බලපෑම් නොමැති වීම.
   05.  ශක්ති අනුවර්තණයට ලක් කළ හැකි වීම.
අන්තර්ජාලය ඇසුරිනි.
කේ.ජේ.ඒ.වී පෙරේරා
වි.තා.නි -මීගමුව.
 

0 comments:

Post a Comment