July 1, 2019

මත්ස්‍ය සිරුරේ වැඩෙන අසාමාන්‍ය පරපෝෂිතයෙක්.

කැලිෆෝර්නියො බොක්ක ආශ්‍රිතව ජීවත් වන Cymothoa exigua නැමැති මේ පරපෝෂිතයා තමයි මේ පින්තූරයේ දැක්වෙන මත්ස්‍යාගෙ මුඛය තුල සිටින්නේ. අත්ලන්තික් සාගරයේ මීටර 2 සිට මීටර 60 දක්වා ගැඹුරකදී හමු වන මේ පරපෝෂි ආකාරයන් මත්ස්‍යන්ගෙ කරමල් තුලින් ඇතුල් වෙලා දිවේ රුධිර නාලිකා හානිකර දිව වැටීමට සලස්වනවා. ඉන්පස්සේ දිව වෙනුවට තමාව ඒ ස්ථානයට සවි කරගන්නා මේ සත්වයන් මත්ස්‍යාගෙ දිව ලෙස ක්‍රියාත්මක වෙනවා. මත්ස්‍යයා මුව තුලට රුවාගන්නා ආහාර දත්වල ගැටීමට සැලැස්වීම වගේ දිවේ කාර්යභාරය මේ පරපෝෂිතයා විසින් සිදුකරනු ලබනවා.

මත්ස්‍යන්ගෙ ඛේටය හා රුධිරය තමයි මොවුන් ආහාරයට ගන්නෙ. ලෝකයේ ජීවත්වන පරපෝෂිතයන් අතරින් දාරක සත්වයාගෙ යම්කිසි අවයවයක් (Organ) ලෙස ක්‍රියාකරන එකම පරපෝෂිතයා වන්නෙ C.exigua. මේ පින්තූරයෙත් දකින්න පුළුවන් C.exigua සත්වයෙක් මත්ස්‍යාගෙ දිව කොටසට සවි වී සිටින ආකාරය.
  

ස්ත්‍රි පරපෝෂිතයින් පිරිමි පරපෝෂිතයින්ට වඩා වැඩි ශරීර ප්‍රමාණයකින් යුක්ත වේ.සාමාන්‍යයෙන් ස්ත්‍රි පරපෝෂිතයින් මිලි මීටර 8 - 29 (0.3-1.1 අගල්) තරමේ දිගකිනුත් මිලි මීටර 4 - 14 (0.16-0.55 අගල්) තරමේ පළලිනුත් වෙයි.පිරිමි විශේෂ මිලි මීටර 7.5 - 15 (0.3- 0.6 අගල්) තරමේ දිගින් හා මිලි මීටර 3 - 7 (0.12-0.28 අගල්) තරමේ පළලිනුත් වෙයි.
එක් පරපෝෂිතයකු සම්බන්ධ වි සිටිම එතරම් හානිදායක නොවුනත් දෙදෙනෙකු හෝ වැඩි සංඛ්‍යාවක් මත්ස්‍යායට සම්බන්ධ වි සිටිම හානිදායක වේ.
Perciformes,  Lutjandae, Haemulidae, Sciaenidae, Atheriniformes, Atherinidae යන විශේෂ වල මත්ස්‍යයින් මෙම පරපෝෂිතයාට වැඩි වශයෙන් ගොදුරු වේ.
මෙම සත්වයාගේ ඡීවන චක්‍රය හෝ ප්‍රජනන ක්‍රියාවලිය මේ දක්වා නිශ්චිතව අනාවරණය කරගෙන නැත.
නමුත් ප්‍රථමයෙන් මත්සයාගේ කරමල තුලට වැදෙන පරපෝෂිතයා පිරිමි බවටත් මේරු විට ස්ත්‍රි සත්වයකු බවටත් පත්වන බව නිරික්ෂණය කොට ඇත.
සාමානයයෙන් මෙම පරපෝෂිතයා මිනිසාට හානිදායක නොවන බව පැවසේ.නමුත් මත්ස්‍ය ශරීරය තුළ සිටිනා සත්වයා  ඉවත් කිරිමකදි දෂ්ඨ කිරිම් සපාකෑම් සිදු වු බවට වාර්තා වේ.

අන්තර්ජාලය ඇසුරිනි.
කේ.ජේ.ඒ.වී පෙරේරා
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
 මීගමුව.     

1 comments:

මෙම පරපෝෂිතයින් ශ්‍රී ලංකාව අවට මුහුද ආශ්‍රිතව දැකගත හැකිද.? මන්දයත් එක් දිනක නිවසට ගෙනා මත්ස්‍යයෙකුගේ මුව තුළ එවැනි පරපෝෂිත ජීවියෙකු සිටි බැවිනි..

Post a Comment