Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

November 30, 2014

ශරීරයට ඉතා අවැසි සුෂුම්නාව පිළිබඳව දැන්වත් වෙමු

සුෂුම්නාව යනු,  ස්නායු සෛල ලක්ෂ ගණනකින් සෑදුණු ස්නායු තන්තු මිටියකි. දිගින් අඟල් 18 -20 පමණ සහ ඝනකමින් අඟලක් පමණ වන මෙය මොළයේ සිට කොඳු ඇට පෙළ හෙවත් කශේරුකාව මැදින් ශරීරයේ පහළ ප්‍රදේශය දක්වා ගමන් කරයි. සුෂුම්නාව, කොඳු ඇට පෙළ මැදින් ගමන් කලද කොඳු ඇට පෙළ අස්ථි පද්ධතියත් ,සුෂුම්නාව ස්නායු පද්ධතියටත් අයත්වේ.
             
ශරීරයේ සිදුවන සියලුම ක්‍රියා පාලනය වන්නේ මොළයෙනි. මේ සියලුම ක්‍රියා හොඳින් පාලනය වීමට නම්, ශරීරයේ අනෙකුත් අවයවවලින් මොළයට පණිවිඩ පැමිණිය යුතුය. එසේම මොළයේ සිට පණිවිඩ අනෙකුත් අවයව කරා ගමන් කළ යුතුය. අප ශරීරය තුළ මාංශ පේශි 600 කට වැඩි ප්‍රමාණයක් ඇති අතර ඒවා ක්‍රියාත්මක වන්නේද මොළයේ සිට එන පණිවිඩ මඟිනි. මොළය හා අනෙකුත් අවයව අතර පණිවිඩ ගෙන යාම, සුෂුම්නාවේ ප්‍රධානතම කාර්යයයි.
     එබැවින් යම්කිසි අනතුරකින් සුෂුම්නාවට හානි වූවොත් මොළය සහ අනෙකුත් අවයව අතර පණිවිඩ හුවමාරුව සිදු නොවේ. මෙහිදී අනතුරට ලක් වූ සුෂුම්නාවේ කොටසට පහළ තිබෙන කොටසේ ක්‍රියාකාරීත්වය අසාමාන්‍ය වීමට පටන් ගනී. එවිට සිදුවන්නේ සුෂුම්නාවේ අනතුර සිදු වූ ස්ථානයෙන් පහළ කොටස අප්‍රාණික වීමය.

අනතුරකින් කොඳු ඇට පෙළට සිදුවන හානිය සුව කර ගැනීමට හැකි වුවත් සුෂුම්නාවට සිදුවන හානිය දිගටම පැවතිය හැක. ඊට හේතුව වන්නේ සුෂුම්නාවේ ස්නායු සෛල වලට හානි වූ විට නැවත සාදා ගැනීමට හැකියාවක් ශරීරයට නොමැති නිසාය. එබැවින් අවශ්‍ය වූ විට ශල්‍යකර්ම කල හැක්කේ කොදු ඇට පෙල සකස් කිරීමට මිස සුෂුම්නාව නැවත සකස් කිරීමට නොවේ.

උපුටා ගැනීම :- 
http://en.wikipedia.org/wiki/Spinal_cord
සහ පොත පත ඇසුරිනි.
සැකසුම : -
ඒ.ටී. පතිරත්න - විද්‍යා හා තාක්ෂණ නිලධාරී,බියගම විදාතා සම්පත් මධ්‍යස්ථානය

November 28, 2014

මානව ක්‍රියාකාරකම්වල අහිතකර අතුරුඵලයන් වූ ඩ‍යොක්සීන් හා ෆියුරාන්

පසුගිය දශක කිහිපය තුළ ලෝකයේ පරිසරයට විෂ රසායනික දූෂක එකතු කරන මිනිස් ක්‍රියාකාරකම් ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් දියුණු වත්මන් සමාජ ආර්ථික රටාව තුළ මේ ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය ඒවා වුවද එමගින් පරිසරයට මෙන්ම මානව සෞඛ්‍යයට වන හානිය අතිමහත්ය.
මේ විෂ රසායන දූෂක අතුරින් POPs හෙවත් Persistent Organic Pollutants ලෙස හැඳින්වෙන ඉතා ස්ථායි කාබනික රසායනික දූෂක 12ක් පිළිබව විශේෂ අවධානයක් යොමු වී ඇත. එයින් දූෂක වර්ග 2ක් නොසැලකිළිමත් මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවේ. එනම් ඩ‍යොක්සීන් (Dioxins)  හා  ෆියුරාන් (Furan) වේ.

 ඩ‍යොක්සීන් හා  ෆියුරාන් යනු මොනවාද?
ඩ‍යොක්සීන් අණුව
ඩ‍යොක්සීන් හා  ෆියුරාන් ක්ලෝරිනිකෘත කාබනික සංයෝග කාණ්ඩ දෙකකට අයත්වන අතර සමාන රසායනික මෙන්ම භෞතික ගුණ වලින් යුක්තය.

ෆියුරාන් අණුව

  • පිරිසිදු ව්‍යුහයේදී ක්‍රිස්ටල් හෝ අවර්ණ ඝන ද්‍රව්‍යයක් ලෙස පවතී
  •  ඉතා ස්ථායි  වන අතර පරිසරය තුළ දිගු කල් පවති
  •   ජලයේ දිය නොවන අතර මේද තුළ පහසුවෙන් දියවේ
  •  ආහාර දාම හරහා සාන්ද්‍රගත වී මෙද පටක තුළ තැන්පත් වේ
  •  වාෂ්පශීලීබව අඩු වන අතර අංශු හා පටක තුළට තදින් උරාගනී

ඩ‍යොක්සීන් හා  ෆියුරාන් මිනිසා විසින් අවශ්‍යතාවයෙන්ම නිෂ්පාදනය නොකරන නමුදු වෙනත් රසායනික ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවේ. එබැවින් වාතයේ, ජලයේ, පසේ මෙන්ම අප පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍ය වලද මේවා අඩංගු විය හැකිය.

ශරීරයට ඇතුළු වන්නේ කෙසේද?
·         ඩ‍යොක්සීන් හා  ෆියුරාන් වලින් දූෂීත වායුව ආශ්වාස කිරීම මගින්
·         එලෙසින් දූෂීත වූ ජලය පානය කිරීම මගින්
·        දූෂීත ආහාර පරිභෝජනය කිරීම මගින් (දිනපතා ඇතුළුවන ඩ‍යොක්සීන් වලින් 90% ක්ම මස් වර්ග, කිරි වැනි සත්ත්ව ආහාර  අනුභවයට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවේ)
·         සම මගින් උරා ගැනීම

මානව සෞඛ්‍යයට වන බලපෑම් මොනවාද?
සෞඛ්‍යයට වන බලපෑම නිරාවරණය වන ප්‍රමාණය හෝ මාත්‍රාව  මත රදා පවතී. නමුත් සුළු වශයෙන් හෝ නිරාවරණයවීම මගින් විවිධ ආසාත්මිකතාවයන්ට මුහුණපෑමට සිදුවේ.
·         ඩ‍යොක්සීන් වලට අධිකව නිරාවරණයවීම මගින් අංගවිකල දරුවන් ඇති කරයි
·         ශරීරයේ හෝමෝන මට්ටම වෙනස් කරයි
·         අක්මාවේ ක්‍රියාකාරීත්වය හා ලිපිඩ පරිවෘත්තිය ක්‍රියා වෙනස් කරයි
·         සමේ රෝග ඇති කරයි
·         ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනස්කම් සිදු කරයි

ඩ‍යොක්සීන් හා  ෆියුරාන් පරිසරයට එකතු වන්නේ කෙසේද?
  • ප්ලාස්ටික්, ගෘහ අපද්‍රව්‍ය හා දැව දහනය මගින් 
  •  ඝන අපද්‍රව්‍ය ගොඩ ගැසීම මගින්
  • බලශක්ති උත්පාදනයේදී හා තාපය නිපදවීමේදී
  • යකඩ උණු කිරීමේදී හා  ලෝහ වර්ග නිෂ්පාදනයේදී
  •  ඛනිජ ද්‍රව්‍ය නිෂ්පාදනයේදී          
  • පල්ප හා කඩදාසි නිෂ්පාදනයේදී
  • පැලෑටිනාශක නිෂ්පාදනයේදී
  •  ඉඩම් ගොඩ කිරිමේදී·                       
ඩ‍යොක්සීන් හා  ෆියුරාන් මගින් මානව සෞඛ්‍යයට මෙන්ම පරිසරයටද බලපෑම් එල්ල කරයි. විශේෂයෙන්ම  ප්ලාස්ටික් දහනය මගින් පරිසරයට එකතුවන ඩයොක්සීන වර්ග වලින් ඕසෝන් ස්ථරයට හානි සිදුකරයි. එබැවින් මෙම හානි දායක රසායනික දූෂක පරිසරයට එකතුවීම අවම වන ලෙස කටයුතු කිරීම මිනිසාගේ මෙන්ම පරිසරයේත් යහ පැවැත්ම සහා බෙහෙවින් ඉවහල් වේ.

 මූලාශ්‍ර:

                        සැකසුම:

                         K.Y.P. දර්ශිකා- විද්‍යා හා තාක්ෂණ නිලධාරී- වත්තල

නිනිති (නැනෝ) තාක්‍ෂණයේ නිර්මාණ/යෙඳුම්

නිනිති (නැනෝ) තාක්‍ෂණයේ යෙඳුම් පිළිබඳව පැහැදිලිව හා සංක්‍ෂිප්තව තේරුම් ගැනීම සඳහා The Understanding Nanotechnology වෙබ් පිටුව වෙන් වී තිබේ. විවිධ ක්‍ෂේත්‍ර වල නැනෝ තාක්‍ෂණ යෙඳුම් විස්තරාත්මකව දැන ගැනීම සඳහා ඒ ඒ ක්‍ෂේත්‍ර යටතේ ඇති උප වෙබ් පිටු නරඹන්න. නැනෝ තාක්‍ෂණය පහත පරිදි වෛද්‍ය විද්‍යාව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, ආහාර විද්‍යාව, ඉන්ධන කෝෂ, සූර්ය කෝෂ, විදුලි කෝෂ, අභ්‍යවකාශය, පිරිසිදු ජලය, රසායනික සංවේදක, ක්‍රීඩා උපකරණ වැනි බොහෝ ක්‍ෂේත්‍රවල සංවර්ධනය හා නව නිර්මාණ සඳහා දායක වී තිබේ.
1.     වෛද්‍ය විද්‍යාව
 ශරීරයේ ආසාධිත සෛල වලට පමණක් ප්‍රතිකාර කිරීමට ඖෂධ එම සෛල වලට පමණක් ලැබෙන සේ ප්‍රවාහනය කිරීම සඳහා අණුවක ප්‍රමාණයේ නැනෝ අංශු පර්යේෂකයෝ විසින් සංවර්ධනය කර තිබේ. මෙම ක්‍රමය සම්පූර්ණ වූ පසු ප්‍රතිකාර මඟින් ශරීරයේ නිරෝගී සෛල වලට වන හානිය අවම කර ගත හැකි අතර ආබාධිත සෛල වලට නිවැරදිව ප්‍රතිකාර කළ හැකිය. වෛද්‍ය විද්‍යාවේ නැනෝ තාක්‍ෂණය භාවිතය පිළිබඳ වැඩි විස්තර සඳහා Nanotechnology Application in Medicine වෙබ් පිටුව බලන්න.


2.     ඉලෙක්ට්‍රොනික විද්‍යාව
 ඉලෙක්ට්‍රොනික උපකරණ වල බලශක්ති පරිභෝජනය, ප්‍රමාණය හා බර අඩු කිරීමට මෙන්ම ඒවායේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම සඳහා නැනෝ තාක්‍ෂණය බොහෝ අවස්ථා වලදී භාවිතා කළ හැකිය. ඉලෙක්ට්‍රොනික ක්‍ෂේත්‍රයේදී නැනෝ තාක්‍ෂණයේ ක්‍රියාකාරකම් Nanotechnology Application in Electronic වෙබ් පිටුවෙන් නැරඹිය හැකිය.

3.     ආහාර විද්‍යාව
 ආහාර වගා කිරීමේ සිට ඇසුරුම්කරණය දක්වා වූ විවිධ අවස්ථා වල ක්‍රියාකාරකම් සංවර්ධනයට නැනෝ තාක්‍ෂණය විශාල බලපෑමක් සිදු කරමින් සිටී. ආහාර රසවත් කිරීමට පමණක් නොව ආහාර රක්‍ෂණය, රක්‍ෂණ ප්‍රතිලාභ සඳහා අවශ්‍ය නැනෝ ද්‍රව්‍ය සංවර්ධනය වී තිබේ. විස්තර සඳහා Nanotechnology Application in Food හි දැක්වේ.

4.     ඉන්ධන කෝෂ
 ඉන්ධන කෝෂ වල හයිඩ්‍රජන් අණු නිෂ්පාදනය සඳහා භාවිතා වන උත්ප්‍රේරක වෙනුවෙන් වියදම් අඩු කිරීමට සහ ඔක්සිජන් වායුව වැනි වෙනත් වායු වලින් හයිඩ්‍රජන් අණු වෙන් කර ගන්නා බලශක්ති කෝෂ වල භාවිතා වන තුනී පටල වල කාර්යක්‍ෂමතාව වැඩි කිරීමට නැනෝ තාක්‍ෂණය භාවිතා වේ. Nanotechnology Application in fuel cell වැඩි විස්තර ලබා ගත හැකිය.

5.     සූර්ය කෝෂ
 සාම්ප්‍රදායික සූර්ය කෝෂ වලට වඩා ඉතා අඩු පිරිවැයකින් සූර්ය කෝෂ නිෂ්පාදනයට අවශ්‍ය නැනෝ තාක්‍ෂණය සමාගම් විසින් සංවර්ධනය කර තිබේ. Nanotechnology Application in Solar cell වෙබ් පිටුවෙහි තොරතුරු ඇත.



6.     බැටරි (විදුලි කෝෂ)
 නැනෝ ද්‍රව්‍ය යොදා සංවර්ධන ගුණාංග සහිත බැටරි නිෂ්පාදනය වී තිබේ. එවැනි එක් වර්ගයක බැටරි දශක කිහිපය භාවිතයෙන් සසඳා අළුත් තත්වයේ පවතී. තවත් බැටරි විශේෂයක් ඉතා ක්‍ෂණිකව ආරෝපණය කළ හැකිය. විස්තර Nanotechnology Application in Battery.

7.      අභ්‍යවකාශය
 අභ්‍යාවකාශ චාරිකා වඩා ප්‍රායෝගික කිරීමට නැනෝ තාක්‍ෂණයට හැකිය. නැනෝ ද්‍රව්‍ය වල උසස් තත්වය අනුව ඉතා සැහැල්ලු යානා පමණක් නොව කේබල් මත ඉහල ආකාශයට දිවෙන ආරෝහක නිෂ්පාදනය වුවද කළ හැකි වේ. ආකර්ශණීය ලෙස රොකට් වලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අඩු වීමෙන් අභ්‍යාවකාශ චාරිකා හා සැරිසැරීම සඳහා වියදම් විශාල ලෙස අඩු වේ. විස්තර සඳහා Nanotechnology Application in Space.



8.     ඉන්ධන
 අඩු වටිනාකමක් ඇති අමු ද්‍රව්‍ය වලින් ඛනිජ තෙල් නිෂ්පාදනය, වාහන සඳහා අවම ඉන්ධන භාවිතා වන එන්ජින් නිෂ්පාදනය, අමු ද්‍රව්‍ය වලින් වඩා අඩු වියදමකින් ඉන්ධන නිෂ්පාදනය වැනි නැනෝ තාක්‍ෂණික උපයෝගීතාවන් මඟින් ඩීසල්, ගෑස් වැනි ඉන්ධන වල නිෂ්පාදන අඩුව පිරිමැසීමට කටයුතු කළ හැක. Nanotechnology Application in fuel.

9.     පිරිසිදු ජලය
ජලයේ අපිරිසිදු බවට හේතු වූ ගැටළු 3 කට විසඳුම් සඳහා නැනෝ තාක්‍ෂණය භාවිතා වේ.
1.      නැනෝ ජලයේ ඇති TCE නම් පිරිසිදු කාරක වැනි කර්මාන්තශාලා අපද්‍රව්‍ය ඉවත් කිරීම.
2.      නැනෝ අංශු මඟින් රසායනික ප්‍රතික්‍රියා ඇති කිරීමෙන් ජලයේ ඇති හානි කර අපද්‍රව්‍ය හානි කර නොවන තත්වයට පරිවර්තනය කිරීම.
3.         පිරිසිදු කිරීම සඳහා භූගත ජලය පිටතට ගැනීමේ වියදම් අධික ක්‍රමය වෙනුවට භූගත මට්ටමේදී ජලය පිරිසිදු කිරීමට මෙම ක්‍රමය සාර්ථකව භාවිතා කල හැකි බව අධ්‍යනයයේදී තහවුරු වී තිබේ. Nanotechnology and Water Quality

10. රසායනික සංවේදක
 කාබන් නැනෝ ටියුබ්ස්, සින්ක් ඔක්සයිඩ් නැනෝ වයර්, පලඩියම් නැනෝ අංශු වැනි පරීක්‍ෂක මූල ද්‍රව්‍ය නැනෝ තාක්‍ෂණ පාදක සංවේදක ලෙස ඉතා කුඩා ප්‍රමාණය වූ රසායනික වාෂ්ප සොයා ගැනීමට භාවිතා කළ හැක. මෙම අංශු වල කුඩා විද්‍යුත් බව නිසා ඉතා අඩු සාන්ද්‍රනයකින් වූ රසායනික හුමාලය මවුල කිහිපයක් සංවේදකයේ ගුණ වෙනස් කල හැකි වීම මෙයට හේතුවයි. වැඩි විස්තර සඳහා Nanotechnology Application in chemical   .

11. ක්‍රීඩා උපකරණ
 ශක්තිය වැඩි කිරීම, සැහැල්ලු කිරීම සහ වායුව කාන්දු වීම වේගය අඩු කිරීම මගින්      ක්‍රීඩා  උපකරණ වැඩි දියුණු කල හැකිය. Nanotechnology Application in sport නරඹන්න.


උපුටාගැනීම: http://www.understandingnano.com/nanotech-applications.html

அடொபியில் அழகிய எழுத்துருவாக்கம் - Adobe Photoshop CS6

பல்வேறு வண்ண அமைப்புகளில் வாழ்த்து அட்டைகள், சஞ்சிகைகள், புத்தக வடிவமைப்புகள், இணையத்தள பக்க அலங்காரம் உட்பட பல்வேறு சந்தர்ப்பங்களில் எழுத்துருவாக்கங்களும் படங்களும் பயன்படுத்தப்படுகின்றன. இவ்வாறான வடிவமைப்புகளை செய்ய பல தரப்பட்ட மென்பொருட்கள் இருந்தாலும் அடொபி நிறுவனத்தின் போட்டோசொப் மென்பொருள் உலகளவில் பிரபலமானது.

ஆரம்காலம் முதல் பல்வேறு பதிப்புகளில் வெளிவந்த அடொபி தற்போது CC எனும் புதிய பதிப்பை வெளியிட்டுள்ளது. மிக நீண்ட காலமாக நாங்கள் Adobe photoshop 7 பதிப்பை பயன்படுத்தினோம். பின்னர் Photoshop CS 1, 2, 3....என்ற வாறு CS6 பதிப்பை பயன்படுத்தி தற்போது CC பயன்படுத்தப்படுகிறது.

அதிகளவு வருமாத்தை ஈட்டித் தரக்கூடிய தொழில்வாய்ப்பை இந்த மென்பொருள் பாவனையாளர்கள் பெற்றுக்கொள்ள முடியும்.

அச்சகங்கள், பத்திரிகை நிறுவனங்கள், இணையத்தள வடிவமைப்பாளர்கள்,  மென்பொருள் வடிவமைப்பு நிறுவனங்கள் உட்பட பல்வேறு நிறுவனங்கள் இத்துறை சார்ந்த நிபுணர்களை வரவேற்கிறார்கள்.

அடொபி Photoshop CS6 முகப்பு



அழகிய எழுத்துகளை எப்படி உருவாக்குவது?

அடொபி photoshop இல் பல எழுத்துருக்கள் உள்ளது. அதை விட உங்கள் இயங்கு தளத்தில் உள்ள எழுத்துருக்களையும் பாவிக்க முடியும். 

இன்று நான் உருவாக்கப் போவது ஏற்கனவே உள்ள எழுத்துருவை எங்களுக்கு விரும்பிய ஒரு படத்துடன் இணைத்து கீழ் காட்டப்பட்டவாறான வடிவான வித்தியாசமான கற்பனையுடன் எவ்வாறு உருவாக்குவது என்பது தொடர்பானது.


மேற்காட்டப்பட்ட வடிவமைப்பை உருவாக்க எங்களுக்கு ஒரு அழகிய போட்டோவுடன் சில நுட்பங்களும் தெரிய வேண்டும் அவ்வளவுதான்.

படிமுறைகள்

1. போட்டோ சொப் மென்பொருளை திறக்கவும் (நான் Photoshop CS6 பாவித்துள்ளேன்). இந்த படிமுறை photoshop 7 ற்கு பொருந்தாது.

2. தேவையான எழுத்தை தட்டச்சு செய்யவும் ( இதற்கு type tool பாவிக்கப்படும்)

3. இந்த layer இன் மேலாக உங்களிடம் உள்ள படத்தை drag or open செய்து இடவும்.

4. விசைப்பலகையில் உள்ள alt பொறியுடன் தட்டச்சு செய்யப்பட்ட எழுத்து layer மற்றும் சேர்க்கப்பட்ட படத்தின் layers கள் பொருந்தும் இடத்தில் (layer pellette ல்) Mouse pointer அசைக்கும் போது pointer வடிவம் மாறும். அப்போது alt உடன் click செய்யவும். 



5. எழுத்து layer தெரிவு செய்து பின்னர் menu bar ல் layer ...> layer style ....> blending option செல்வதன் மூலம் விரும்பிய effects வழங்கலாம். இங்கு நான் drop shadow உடன் bevel and emboss வழங்கியுள்ளேன்.

இப்போது நீங்கள் விரும்பிய வடிவான எழுத்து அமைந்து விட்டது. படத்தின் layer தெரிவு செய்து move tool பாவிப்பதன் மூலம் எழுத்துக்குள் படத்தின் குறிப்பிட்ட காட்சிகளை வரக்கூடியவாறு அசைக்க முடியும்.

நன்றி 

ஆக்கம் S. Shutharsan, STO, Nallur

November 27, 2014

யொசிமைற் (Yosemite - Latest apple operating system)

அப்பிள் நிறுவனமானது உலக அளவில் பிரபலமாகவுள்ளது. நனோ தொழில்நுட்பமும் அப்பிள் நிறுவனத்திற்கே உரித்தான தனிப்பட்ட சில தொழில்நுட்பங்களும் தான் அப்பிள் உற்பத்திகளை உலகளவில் பிரபரமடையச் செய்தது. முக்கியமாக வினைத்திறனாக இயக்கமும் வைரஸ், மல்வயர் (malware), மற்றும் Hackers ல் இருந்து பாதுகாப்பதற்கான முக்கிய பாதுகாப்பு வசதிகளுடன் இவ்இயங்கு தளம் வடிவமைக்கப்பட்டது ஒரு வரப்பிரசாதமே.

யொசிமைற் இயங்கு தளத்தின் முகப்பு தோற்றம்.


யொசிமைற் இயங்குதளம் அப்பிள் நிறுவனத்தின் பதிப்பின் OS X 10.10 பதிப்பாக உள்ளது. இதற்கு முதல் பதிப்பாக OS X 10.9 அதாவது மவறிக்ஸ் (Mavericks) என்ற பெயரில் அழைக்கப்பட்டது.

அப்பிள் கையடக்க தொலைபேசியில் பாவிக்கப்படும் iOS 8 இயங்கு தளத்துடன் மிக நெருக்கமாக பரிமாற்றங்களை செய்யக்கூடியவாறு இவ் இயங்கு தளம் வடிவமைக்கப்பட்டது.

பாவனையாளர் திரையானது சிக்கலான முப்பரிமாண தன்மையில் இருந்து நீக்கப்பபட்டு மிகவும் இலகுவானதும் சிக்கல்கல் அற்றதுமான நிழல் (drop shadow) விழக்கூடியவாறான icon கள் கொண்டமைந்த வடிவமைப்பை வழங்குவதால் மேலும் சிறப்பாகவும் வினைத்திறனாகவும் உள்ளது.

Spotlight

இந்த செயலியானது அப்பிளின் முந்திய பதிப்புகளில் இருந்தாலும் யொசிமைற் இயங்கு தளத்தில் மிகச்சிறப்பாக அமைந்துள்ளது.

அப்பிள் கணனியில் command + spacebar அழுத்துவதன் மூலம் இந்த வசதியைப் பெற்றுக் கொள்ள முடியும்.

முன்னைய பதிப்புகளை போலல்லாது இதில் கணனியின் சேமிப்பகத்தில் உள்ள தரவுகளை தேடுவது மட்டுமல்லாது விக்கிபீடியா போன்ற இணையத்தளங்களின் தேடல்களையும் இலகுவாக செய்யக்கூடியதாக உள்ளது.

iCloud Drive

இந்த வசதி யொசிமைற் இயங்கு தளத்தில் புதிதாக உள்ளடக்கப்பட்டுள்ளது.

இந்த Drive ஆனது எவ்வாறு கோப்புகளை கையாள்வது பார்ப்பது நிர்வகிப்பது போன்ற விடயங்களை மிகச் சிறப்பாக செயற்படுத்தக் கூடியவாறு வடிவமைக்கப்பட்டுள்ளது.




Mail Drop

வழமையாக மின்னஞ்களின் இணைக்கப்படும் கோப்புகளின் அளவு 20MB அளவிற்கு வரையறுக்கப்பட்டுள்ளது. என்றாலும் இந்த mail drop வசதியானது 5GB அளவிற்கு கோப்புகளை அனுப்பக்கூடியவாறு வடிவமைக்கப்பட்டுள்ளது.

மேற்கூறப்பட்ட போன்ற பல்வேறுபட்ட நவீன வசதிகளுடன் அப்பிள் நிறுவனத்தின் இயங்குதளம் உலக அளவில் பெரிய புரட்சியை ஏற்படுத்திக் கொண்டிருக்கிறது. இந்த வசதிகளை நாங்களும் அனுபவிப்பதன் மூலம் தொழில்நுட்ப உலகில் எங்களையும் பிரவேசிக்கச் செய்வோமாக.

மேலதிக தகவல்களுக்கும் விபரங்களுக்கும் www.apple.com இணையத்தளத்தை பார்வையிடவும்.

நன்றி
ஆக்கம் - S.Shutharsan, STO, Nallur

November 26, 2014

මොනවද මේ POPs ?


POPs යනු මොනවාදැයි ඔබ දන්නවාද? 

POPs හෙවත් Persistent Organic Pollutants යනු මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට එකතු වී නොනැසී පවතින කාබනික රසායනික දූෂක වේ.
පසුගිය දශක කිහිපය තුළ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය මෙන්ම විෂ රසායනික දූෂක පරිසරයට මුදා හරින මිනිස් ක්‍රියාකාරකම් බහුල වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ  POPs  හෙවත් දිගු කල් පවතින කාබනික දූෂක පරිසරයට එකතු වී ඇත. මේ රසායනික දූෂක අද මිනිසාගේ සෞඛ්‍යයට මෙන්ම පරිසරයටද ඉතා විශාල තර්ජනයක් වෙමින් මහා ව්‍යසනයක් බවට පත්ව ඇත.

POPs කාබනික සංයෝග ඉතා දීර්ඝ කාලයක් පරිසරය තුළ විනාශ නොවී පවතින අතර වාතය, ජලය හෝ වෙනත් ක්‍රම මගින් ඉතා විශාල ප්‍රදේශයක් පුරා පැතිරයාමේ හැකියාව ඇත. එසේම ආහාර දාම ඔස්සේ යමින් සාන්ද්‍රගත වීමේ  හැකියාව   ( bioaccumulation ) වැඩි අතර විෂ භාවයද ඉතා ඉහළය.
 මේ හේතු නිසා POPs රසායනික දූෂක පරිසරයේ බහුලව පවතින අතර ආහාර දාම වල ඉහළ පුරුක්වල සිටින විලෝපික සත්ත්වයන්ගේ මෙන්ම මිනිසාගේද මේද පටකවල මෙම සංයෝග ගබඩාවීමේ ප්‍රවනතාවය වැඩිය. එය ඉතා ප්‍රබල සෞඛ්‍ය ගැටළු ගණනාවකටම උරුමකම් කියයි. නිදසුනක් ලෙස ගත්කල, පිළිකා ඇතිවීම, ස්ත්‍රීන්ගේ හා පුරුෂයන්ගේ වභාවය, රෝග වලට ඔරොත්තුදීමේ හැකියාව අඩුවීම, මතකය හා බුද්ධිය අඩුවීම සිදු විය හැකිය.  

දැනට ලෝකයේ මේ ආකාරයේ  දිගු කල් පවතින කාබනික දූෂක හෝ POPs වර්ග 12ක් හුනාගෙන ඇත. එම සංයෝග 12 “ Dirty Dozen” හෙවත්  කිළිටි දුසිම ලෙස නම් කර ඇත. මේ  කිළිටි දුසිම පහත සඳහන් පරිදි ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ වර්ග කළ හැක.

1.      පලිබෝධනාශක -  ‍ඇල්ඩ්‍රීන් (Aldrin), ක්‍‍ලෝරඩේන් (Chlordane), හෙප්ටක්ලෝර්
                            (Heptachlor),   ඩයිෆීනයිල් ට්‍රයික්ලොරො ඊතේන් (DDT), ඩිල්ඩ්‍රීන්
                            (Dieldrin), මයිරෙක්ස් (Mirex), ටොක්සෆීන් (Toxaphene),
                            එන්ඩ්‍රින්( Endrin)
2.      මිනිසා විසින් නිපදවන කාර්මික රසායනික දූෂක -  පොලි ක්ලෝරිනේටඩ් බයිෆීනයිල්ස් (PCB), 
                                                                             හෙක්සා ක්ලොරො  බෙන්සීන්
3.      මිනිසාගේ නොසැලකිළිමත්කම නිසා ඇතිවන දූෂක - ඩ‍යොක්සීන්  හා  ෆියුරාන්

මෙම POPs වල ඇති පාරිසරික හා සෞඛ්‍යමය හානිකර තත්ත්වයන් හේතුවෙන් 2001 වර්ෂයේ පැවති ස්ටොක්හෝම් සමුළුවේදී ජාත්‍යන්තර වශයෙන් මෙම කිළිටි දුසිම භාවිතයෙන් ඉවත් කිරිම හෝ තරයේ තහනම් කිරීම පිළිබඳ තීරණ වලට එළඹී ඇත.

‍ඇල්ඩ්‍රීන් (Aldrin)

කෘෂිකාර්මික බිම් වල පාංශු කෘමීන් මර්දනය සහාත්  වී  සහ තේ  වගාවන්ට හානි කරන කෘමීන් මර්දනය සහාත් බහුලව භාවිතා වේ. එසේම නැවත වනවගා යෝජනා  ක්‍රමයන්හිදී  වේයන් ඇතුළු කෘමීන් මර්දනයටත් ඇල්ඩ්‍රීන් යොදා ගනී. ඇල්ඩ්‍රීන් පරිසරයේදී ඉතා ඉක්මණින් ඩිල්ඩ්‍රීන් බවට බි වැටේ.

මෙම සංයෝග මිනිස් අක්මාවට හා වකුගඩුවලට හානි කරන අතර අධික ලෙස නිරාවරණය වීම මගින් ස්නායු ආබාධ ඇතිවේ.

ක්‍‍ලෝරඩේන් (Chlordane)

සංස්ථානික නොවන ස්පර්ශ හා ආමාශයික විශ කෘමිනාශකයකි. මෙය ශ්‍රී ලංකාවේ කෘමිනාශකයක් ලෙසත් දැව ආරකිෂිතයක් ලෙසත් භාවිතා කරයි. විසිතුරු මල් වගාවේදී හා පොල් වගාවේදී වේයන් පාලනය සදහා භාවිතා කරයි.

පිළිකාකාරකයක් වන මෙම සංයෝග ස්වසන රෝග හා ස්නායු රෝග වලට හේතුවේ.

ඩයිෆීනයිල් ට්‍රයික්ලොරො ඊතේන් (DDT)

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භාවිතා  කරන ලද කෘත්‍රිමව නිෂ්පාදනය කරන ලද පලිබෝධනාශකයයි.  දෙවන ලෝක යුද්ධයෙන් පසු වසංගතයක්ව පැවති මැලේරියා මදුරු මර්දනය සහා මෙය මුල් වරට භාවිතා කරන ලදී.

පිළිකාකාරක සංයෝගයක් වන මෙය අක්මාවට, වකුගඩුවලට හා ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරයි.

ඩිල්ඩ්‍රීන් (Dieldrin)

සංස්ථානික නොවන ස්පර්ෂ ආමාශයික විෂ කෘමිනාශකයක් වන අතර ඉතා දීර්ඝ කාලයක් පරිසරය තුළ විනාශ නොවී පවති. දැව ආරක්ෂකයක් ලෙසත්, ඉදිකිරීම් කර්මාන්තයේදී වේයන් මර්දනය සදහාත්, කෘෂිකාර්මික භෝග ආරක්ෂකයක් ලෙසත් භාවිතා කර ඇත.

එන්ඩ්‍රින්( Endrin)

කෘෂිකර්මාන්තයේදී ක්ෂේත්‍ර භෝග සදහා භාවිතා කර ඇති මෙම කෘමිනාශකය ඉතා දිගු කලක් පරිසරය තුළ හායනය නොවී පවතී.

හෙප්ටක්ලෝර්  (Heptachlor)

ස්පර්ශ ආමාශයික විෂ කෘමිනාශකයකි.  පාංශු කෘමීන් හා වේයන් මර්දනය සදහා යොදා ගෙන ඇත.

ටොක්සෆීන් (Toxaphene)

මෙය කෘමිනාශකයක් මෙන්ම ඇකරිනාශකයක්ද වේ. එලවළු, පළතුරු හා ධාන්‍ය වගාවන් සදහා බහුලව භාවිතා කර ඇත.

හෙක්සාක්ලෝරොබෙන්සීන්

මෙය පළිබෝධනාශකයක් ලෙස ශ්‍රී ලංකාවේ භාවිතා කළ බවට මෙතෙක් සාක්ෂි ලැබී නැත.

මයිරෙක්ස් (Mirex)

මෙයද  ශ්‍රී ලංකාවේ භාවිත කළ බවට සාක්ෂි හමුවී නැත.

පොලි ක්ලෝරිනේටඩ් බයිෆීනයිල්ස්  (PCB)

රසායනිකව අක්‍රීය, ගිනිගන්නා සුළු නොවන, වාෂ්ප පීඩනය අඩු, තාපයට ප්‍රතිරෝධී කාබනික රසායනික සංයෝගයක් වන බැවින් කර්මාන්ත සදහා බහුලව යොදා ගන්නා PCB  දිගුකල් පවත්නා වූ කාබනික දූෂකයකි.

ඩයොක්සීන හා ෆියුරාන

මිනිසාගේ නොසැලකිළිමත්කම නිසා ඇතිවන දූෂක වන මේවා ක්ලොරිනිකෘත කාබනික සංයෝග කාණ්ඩ 2කට අයත් වන අතර ඉතා සමාන රසායනික ගුණ පෙන්වයි. දිගුකල් පවත්නා වූ කාබනික දූෂක වේ. වාෂ්පෂීලී බවින් අඩු අතර අංශු සහ පෘෂ්ඨ වලට තදින් උරා ගනී. අක්මාවේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරන අතර ලිපිඩ පරිවෘත්තිය ක්‍රියා වෙනස්වීම් සිදු කරයි.

මූලාශ්‍ර:
                 http://www.sobasri.org/
                 http://www.chem.unep.ch/pops/

                සැකසුම:

                         K.Y.P. දර්ශිකා- විද්‍යා හා තාක්ෂණ නිලධාරී- වත්තල