Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

November 28, 2013

විදුලිය නිපදවන බුද්ධිමත් ජනේලය

පරිසර හිතකාමී හා බලශක්තිය නිපදවන ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ඇති නැඹුරුව සලකන විට උෂ්ණත්වය පාලනය කරමින් විදුලිය නිපදවිය හැකි ජනේලය පුදුමයක් නොවේ.

ෂැංහැයි විශ්ව විද්‍යාලයේ යැන්ෂෙං ගාඕ ගේ මූලිකත්වයෙන් නිපදවුන බහු කාර්ය ජනේලය, විනිවිද පෙනෙන, උෂ්ණත්වයේ උච්චාවචන පාලනය කරන, ක්‍රියාකාරී වීමට බාහිර විදුලිය භාවිතා නොකරන වීදුරු කවුළුවකි.

පර්යේෂක කණ්ඩායමේ මූලික අරමුණ වූයේ විනිවිද නොපෙනුනද සූර්ය කෝෂ සහිත විදුලිය ජනනය කළ හැකි කවුළුවක් නිර්මාණය කිරීමයි. අවසානයේදී බාහිර බලශක්ති භාවිතයෙන් තොරව උෂ්ණත්වයට ප්‍රතිචාර දැක්වීමට හැකි ලෙස ප්‍රකාශ ගුණ වෙනස් කරන කවුළුවක් සෑදීමට ඔවුන්ට අවශ්‍ය විය.
පොලිකාබනේට් (Polycarbonate) ස්ථර දෙකක් අතර වැන්ඩියම් ඔක්සයිඩ් (VO2) සිහින් තීරැවක් අතුරන ලදි. කාමර උෂ්ණත්වයේදී (37o C උෂ්ණත්වය දක්වා) පොලිකාබනේට් ජනේල විනිවිද පෙනෙන අතර තාපය ඇතුළු වීමට ඉඩ සලසයි. එහෙත් 37o C සීමාව ඉක්මවූ විට VO2 ලෝහයක් ලෙස තාපය ඇති කරන අධෝරක්ත කිරණ තරංග ආයාම පරාවර්තනය කරයි. විශේෂත්වය එවිටද සාමාන්‍ය ඇසට ජනේලයෙන් විනිවිද දැකිය හැකි වීමයි. ආලෝක කිරණ වලින් කොටසක් වැන්ඩියම් විසින් කවුළුවේ කෙළවරයන්ට විසුරුවා හරින ආකාරයට සකස්කර ඇත.අඟල් කිහිපයක් පමණ පළල එම කෙළවරයන්හි ගාවෝ විසින් ප්‍රකාශ වෝල්ටී කෝෂ (Photo voltaic cell) සවි කර එමඟින් විදුලිය උත්පාදනය කරයි.

මෙම නව බහුකාර්ය කවුළු මිල අධික වුවත් කාමර උෂ්ණත්ව පාලනයට වැය වන විදුලිය හා සන්සන්දනයේදී ආර්ථික වශයෙන් ප්‍රයෝජනවත් වේ.



 //  JESSE EMSPAK

නොකා නොබී රස බැලීම

දිව හැර අනෙක් පංච ඉන්ද්‍රියන් පිනවිය හැකි තාක්‍ෂණයේ අතථ්‍ය ක්‍රියාකාරකම් බොහොමයක් දැනටමත් නිපදවා තිබේ. අතපසුව තිබූ දිව අතථ්‍ය ලෙස පිනවීමට හැකි උපකරණයක් සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ නිමේෂ් රණසිංහ ඇතුළු කණ්ඩායම විසින් නිපදවා තිබේ.

මෙය ගුණවත් ආහාරපාන වල රසය සම්ප්‍රේෂණය මඟින් දිවට දැනවීමට හැකි ඩිජිටල් සමාකෘතියකි. වීඩියෝ ක්‍රීඩාවක හෝ රූපවාහිනී වැඩසටහනක දෘෂ්ඨි අන්තර්ගතය සමඟ දිවට රසය ලබා දීම නිර්මාණකරුවන්ගේ අරමුණ විය.

උදා :-  කුඩා තිරයේ විකාශය වන ඉවුම් පිවුම් වැඩසටහනක පිසින ලද ආහාරවල රසය රූපවාහිනී නරඹන්නාට දැනීමට සැලැස්වීම අනාගතයේදී සිදුවිය හැක.

වීඩියෝ ක්‍රීඩාවකදී රසය පිළිබඳ හැඟීම ලබා දීමට මෙමඟින් හැකිවේ. මෙහිදීද ක්‍රීඩාවේ ජයග්‍රහණය කිරීමට ත්‍යාග ලෙස දිවට රසවත් බව දැනීම සේම පරාජයේදී තිත්ත රසය දැනීමටද සැලැස්විය හැකිය.
මෙම උපකරණයේ දිව හා ස්පර්ශ කළ හැකි රිදී ඉලෙක්ට්‍රෝඩයක් ඇත. අර්ධ සන්නායක තුලින් ගමන් කරන කුඩා ධාරාව සහ උෂ්ණත්වය පාලනයෙන් දිවෙහි ඇති රස සම්බන්ධ ප්‍රතිග්‍රාහක විද්‍යුත්  සංඥා මඟින් රැවටීම සිදු වේ. ප්‍රධාන රසයක් වන ලුණු රස, පැණි රස, ඇඹුල් හා තිත්ත රස සංඥා මඟින් ඇති කළ හැකිය.


දැනට මෙම උපකරණය අතින් දිව වෙත ළං කළ යුතු වුවත් මුවට ආසන්නව පිහිටන රැහැන් විරහිත උපකරණයක් ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ. විනෝදාස්වාදය දනවන වැඩසටහන් වලට අමතරව සෞඛ්‍යය හා සනීපාරක්‍ෂක කටයුතු වලටද, මෙම උපකරණය යොදා ගත හැකි වේ. දියවැඩියා රෝගීන්ට පැණිරස ආහාර අනුභව නොකර දිවට පැණිරසය ලබා දීමට සහ පිළිකා රෝගීන්ට රසායන චිකිත්සා වලදී දිවට රසයක් ලබා දීමට උපකරණය ඉදිරියේ යොදා ගනු ඇත.



NOV 21, 2013 12:14 PM ET // BY NIC HALVERSON

මරු කැඳවන රුධිර කැටි පසුපස හඹා යාම

ඔබේ රුධිර ගමනය සිදුවන්නේ කෙතරම් සෙමින්ද ?
අති ධ්වනි තරංග භාවිතා කර රුධිරය ස්වල්ප ප්‍රමාණයක් උණුසුම් කිරීම මඟින් රුධිර ගමනයේ වේගය සොයාගැනීමේ ක්‍රමයක් සොයාගෙන තිබේ. මෙම ක්‍රමය රුධිර ගමනය ඉතා සෙමින් සිදුවන කුඩා රුධිර නාලිකා සොයා ගැනීම සඳහා යොදා ගත හැකි අතර එමගින් ඉතා කුඩා නමුත් භයානක රුධිර කැටි හඳුනාගැනීමට මෙන්ම වායි ගෙඩි (tumors) වල අළුතින් ඇතිවිය හැකි රුධිර නාලිකා හඳුනාගැනීමටද පුළුවන.

මෙතෙක් වෛද්‍යවරුන් රෝගීන්ගේ බාහුවල, දෙපයේ සහ බෙල්ලේ රුධිර ගමනය සිදුවන ආකාරය පරීක්ෂා කිරීමට භාවිතා කරන ක්‍රමය හඳුන්වන්නේ ඩොප්ලර් අතිධ්වනි ක්‍රමය නමිනි. එමඟින් සිහින්වී ඇති සහ අවහිරවී ඇති ධමනි හඳුනාගනුයේ රුධිර ගමනයේ අඩු වේගය මඟිනි. අතේ රදවා තබා ගත හැකි උපකරණයක් මඟින් විමෝචනය කරන ධ්වනි තරංග මඟින් රුධිර සෛල ආපසු ගමන් කරවන අතර පරිගණකයක් භාවිතයෙන්  සෛල චලනය වීමේදී සිදුවන සංඛ්‍යාතමය වෙනස දත්ත ලෙස සටහන් කර ගැනේ. මෙය සිදුවනුයේ ගිලන්රථයක සයිරන් නද ඇසෙන විට පසුකර යන වාහන වල චලනය වෙනස් වන ආකාරයටයි. නමුත් මෙම ක්‍රමය මඟින් මැනිය හැකි  අවම වේගය තත්පරයට මිලිමීටර් 10 ක් පමණක් වන අතර බොහෝවිට කුඩා ශීරාවල ඉතා සෙමින් ගලන රුධිරය සොයාගැනීම මෙමඟින් මඟහැරෙනු ඇත.

මේ සඳහා විකල්ප අදහසක් ලෙස අධෝරක්ත ලේසර් භාවිතා කර එක් එක් රුධිර සෛල වල ප්‍රතිබිමිබයක් නිර්මාණය කීරීම මඟින් එවායේ චලනය හදුනා ගැනීමේ ක්‍රමයක් සොයා ගෙන ඇත.  මෙම ක්‍රමය විද්‍යගාර තුළ සාර්ථක නමුත් යොදා ගත හැක්කේ සම ආසන්නයේ පවතින රුධිර නාලිකා නැතහොත් සම මතුපිට සිට මිලිමීටර් එකක් පමණ පහළින් ඇති රුධිර නාලිකා සඳහා පමණි.
වොෂිංටන්  සරසවියේ ලිඩායි වෑං සහ සගයින් පිරිස බලාපොරොත්තු වනුයේ  මෙම තාක්ෂණික ක්‍රම එකිනෙක සම්බන්ධ කරමින් නවතම නිශ්චය කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණය කීරීමටයි.
උපුටා ගැනීම
2013 November 15 Jacob Aron
New Scientist ඇසුරෙනි.

November 26, 2013

දිදුලන අයිස්ක්‍රීම්

විවිධ රස වලින් සමන්විත අයිස්ක්‍රීම් නිෂ්පාදකයෙකු වන චාලි හැරී ප්‍රැන්සිස් අඳුරේදී ආලෝකය විහිදන අයිස්ක්‍රීම් ප්‍රථම වරට නිෂ්පාදනය කර ඇත. අයිස්ක්‍රීම් විවිධ රස වලින් සමන්විත නමුත් දිව හා ස්පර්ශ වන විට විදුලිය දැල්වෙන අයිස්ක්‍රීම් ඔබ රස බලා තිබේද?

ජෛව සන්දීප්ත ජෙලිෆිෂ් (Jellyfish - ලොඩියා) ගේ දීප්තිය ලබා දෙන ප්‍රෝටීනයක් උපයෝගී කරගෙන දිදුලන අයිස්ක්‍රීම් සාදා තිබේ.PH ශුන්‍ය අගයේදී කැල්සියම් හා ප්‍රතික්‍රියාවෙන් විශේෂ ප්‍රෝටීනය දීප්තිය ඇති කරයි.මෙම ප්‍රෝටීනය වැඩිදියුණුකර අයිස්ක්‍රීම්වලට ඇතුල් කර ඇත්තේ දිවෙහි උෂ්ණත්වය වැඩිවීමෙන් සිදුවන PH අගයේ වෙනස්වීම නිසා දීප්තිමත් වන ලෙසටය.එනිසා මෙම දිදුලන ප්‍රෝටීනය සහිත අයිස්ක්‍රීම්ද දිව ගෑවුනු විට දීප්තිමත් වී ක්‍රමයෙන් දිවෙහි උෂ්ණත්වයත් සමඟ දීප්තිය වැඩිවේ. එහෙත් අයිස්ක්‍රීම් වල රසය ගැන විස්තර ලැබී නැත.


දැල්වෙන අයිස්ක්‍රීම් මිල අධික වේ.එනිසා සාමාන්‍ය වෙළඳපොලෙන් ලබාගත නොහැක එහෙත් වඩා අඩු මුදලකට අඳුරේදී දැල්වෙන අයිස්ක්‍රීම් වර්ගයක් ක්විනීන් (quinine) යොදා නිෂ්පාදනය කර තිබේ.


උපුටාගැනීම:
 //  TRACY STAEDTER

November 21, 2013

හදවත හඳුනා ගීත ගයන හෙඩ්ෆෝනය

Intel හා PSFK පර්යේෂණාගාර වල නිපැයුමක්වූ Bio metric Inputs (ජෛවමිතික ප්‍රතිදාන)  අනාගතයේදී විනොදාස්වාදය ලබා දෙන විවිධ නිර්මාණ වලින් එකකි. මිනිසුන්ගේ නොයෙක් ඉන්ද්‍රියන් මඟින් තාක්‍ෂණය හැසිරවීම මෙම ක්‍රමයේ මූලික අරමුණයි (ස්පර්ශය මඟින් ක්‍රියාකරවීමට අමතරව). එනම් අක්‍ෂි චලනයෙන්, කතාකිරීමෙන්, බාහු චලනයෙන් පමණක් නොව සිතුවිලි වලින් පවා එදිනෙදා භාවිතා වන උපකරණ ක්‍රියාත්මක කරවීමයි.

බොහෝ අවස්ථා වලදී ඇසීමට කැමැති සංගීතයක්, නැරඹීමට කැමැති චිත්‍රපටියක් තෝරාගැනීම සිදු වූයේ කෙසේද? පෙරදිනක කිසිවෙකුගේ හව්හරණයක් නොලැබුනු අවස්ථාවක පහළ වූ මතකයෙහි රැඳුනු නාදයක් කෙසේ සටහන් වුයේද? කණගාටුව, සතුට වැනි විවිධ චිත්තාවේග අවස්ථාවන් හා එවිට ඇසීමට, නැරඹීමට ප්‍රිය කරන දේ අතර සම්බන්ධතාවයක් අපේ අනුදැනුම ඇතිව හෝ නැතිව පවතින බව මෙයින් පිළිඹිබුවේ.


mico නැමැති හෙඩ්ෆෝනය (දැනට මූලාකෘති තත්වයේ) සිතුවිලි වලින් ගීත තෝරා ගැනීම සිදු කරන උපකරණයකි.එය Neurowear වෙළඳ නාමය සහිත Bio sensor Fashion (ජෛව සංවේදක විලාසිතා) ආයතනය මඟින් නිෂ්පාදනය කර ඇත. එමගින් අසන්නාගේ චිත්තාවේග වලට අදාලව මොලයේ ඇති වන කම්පන වලට අනුකූල සංගීතය ගීත අඩංගු දත්ත ගබඩාවකින්(database) තෝරා වාදනය කරනු ලැබේ. අවධානය, නිද්‍රාශීලී සහ පීඩනය යන මනෝභාව (mood) 3කින් චිත්තාවේග හඳුනාගැනීමට හෙඩ්ෆෝනයේ ඇති නලලට සවිවන සංවේදකයට හැකිය. ඒඅනුව එම අවස්ථාවට ගැලපෙන සංගීතයක් දත්ත ගබඩාවෙන් තෝරා හෙඩ්ෆෝනය පැළඳ සිටන්නාට ඇසීමට සලස්වයි.

ගීත අඩංගු දත්ත ගබඩාව තව දුරටත් දියුණු කළ යුතුය.එහෙයින් මෙම උපකරණය වෙළඳපොලට ඉදිරිපත් කිරීමට කල්ගත වනු ඇත.

උපුටා ගැනීම :- 
Nestar Bailly, PSFK & Q contributor

ගොළු භාෂාවෙන් දොඩමළු වන්නට

කන් නොඇසෙන(ශ්‍රව්‍ය ආබාධිත) සහ සාමාන්‍ය මිනිසුන් එකිනෙකා හා සංවාදයේ යෙදුණේ හස්ත සංඥා ක්‍රමයෙනි. ඒ සඳහා ආබාධිත අය සේම ආබාධිත නොවන පුද්ගලයන්ද හස්ත සංඥා ක්‍රමය ඉගෙන ගෙන තිබිය යුතුය. එහෙත් හස්ත සංඥා, ලිඛිත හා වාචික භාෂා වලටත් ලිඛිත හා වාචික භාෂා, හස්ත සංඥා වලටත් පරිවර්තනය කළ හැකි මෙම නව හස්ත සංඥා පරිවර්තකයා නිසා සියළු දෙනා දොඩමළු වීමට ආබාධිත නොවන අය හස්ත සංඥා භාෂාවද ආබාධිතයින් ඇසීම අවශ්‍ය නොවේ.


චලන කැමරා හා පරිගණක භාවිතා කරන මෙම හස්ත සංඥා පර්වර්තන ක්‍රමය චීනයේ පර්යේෂක කණ්ඩායමකගේ සොයා ගැනීමකි. නිවැරදි වචන ගැලපීම සඳහා බීජින් යුනියන් විශ්ව විද්‍යාලයේ ගුරුවරු හා ශිෂ්‍ය කණ්ඩායමක් සහය වී තිබේ. පරිවර්තකයා හස්ත සංඥා හඳුනාගෙන ඒවාට අදාල ලිඛිත හා වාචික පරිවර්තන ඉංග්‍රීසි හා මැන්ඩරින් භාෂා වලින් ආබාධිත නොවන අයටද විලෝමව ලිඛිත හා වාචික භාෂා හස්ත සංඥා ලෙස තිරයක් මත ආබාධිතයින්ටද ලබා දේ.

video

පරිවර්තකයා අඩු වියදම්, කාර්යක්‍ෂම සහ සජීවි බවත් මෙම තාක්‍ෂණය වෛද්‍යවරුන්ගේ කාර්යාල, ආරෝග්‍යශාලා, ගුවන් තොටුපල වැනි ස්ථාන වල භාවිතය සඳහා වැඩි දියුණු කරන බවත් පර්යේෂකයෝ සඳහන් කරති. තවද මේ නිසා ආබාධිතයින්ට නව සන්නිවේදන රැකියා අවස්ථාද උදා වෙනු ඇත.


උපුටාගැනීම:
 //  NIC HALVERSON

November 20, 2013

පනුවන් මෝහනය කිරීම


නිව්යෝක්හි හෝවැඩ් හියුස් වෛද්‍ය ආයතනය හා හාවඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ ලේසර් කිරණ භාවිතයෙන් සතුන්ගේ මොලය පාලනය කිරීමට හැකි බව  ප්‍රකාශ කරති. මෙමඟින් සතෙක් ගමන් කරන මාර්ගයේ දිශාව වෙනස් කිරීම මෙන්ම ආහාර ළඟ ඇති බව හඟවන සාවධ්‍ය අදහස් පවා සත්ව මොලයට ඇතුළු කළ හැකි වේ.
එය සනාථ කිරීමට පර්යේෂකයෝ විසින් පනුවන්ගේ මොලයට සමාන වූ ස්නායු සෛල මෙහෙයවීමෙන් ජෛව විශේෂයක් වූ caenorhabditis elegans_ting  වර්ගයේ පාරදෘෂ්‍ය පනුවන් පාලනය කරන ලදි.

වඩාත් සංකීර්ණ පද්ධති පිළිබඳ විශාල අවබෝධයක් ලබා ගැනීමට, සරල ස්නායු පද්ධතියක් සම්පූර්ණයෙන් පාලනය කළ හැකි මට්ටමට අවබෝධ කර ගැනීම  ඉවහල් කර ගත හැකිය. එබැවින් මෙය ප්‍රයෝජනවත් ක්‍රමයක් බව එක් ගවේෂකයකු වූ හාවඩ් විශ්ව විද්‍යාලයේ සහාඩ් රාමනාදන්ගේ අදහසයි.

“පනුවන් රවුමට, වමට, දකුණට ගමන් කරවීමට  මෙන්ම ආහාර ළඟ තිබෙන බවට වූ සාවධ්‍ය සිතුවිලි පනුවන් තුල ඇති කිරීමට අපට හැකිය. දැන් අවශ්‍ය පනුවන්ගේ සම්පූර්ණ මොලයම හඳුනාගෙන එය වීඩියෝ ක්‍රීඩාවක් ලෙසට පරිවර්තනය කර එමඟින් උගේ හැසිරීම පාලනය කිරීමයි” රාමනාදන් තවදුරටත් ප්‍රකාශ කරයි.

අතීතයේදී පර්යේෂකයෝ මොලයේ එක් එක් ස්නායු සෛල විනාශ කරමින් පනුවන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු රැස්කළෝය. එහෙත් මෙම ක්‍රමය හැසිරීම පාලනය කරන නියුරෝන පමණක් බන්ධනය/වශී (Hijack) කර (පද්ධතිය කඩා හඳුනාගැනීම නොකර) පනුවා අවශ්‍ය ආකාරයට පාලනය කිරීමේ හැකියාව සඳහායි.

නියුරෝන වලින් ප්‍රතිදීප්ත (Fluorescent) ආලෝකය ලබා දිය හැකි පනුවන් ජාන මඟින් යාන්ත්‍රණය කර ඇත්තේ පර්යේෂණයේදී පහසුවෙන් හඳුනාගත හැකි ලෙසටය. තවද ලේසර් ආලෝක ස්පන්දනය මඟින් පනුවන් ක්‍රියාකාරී වීමට ආලෝකයට සංවේදී නියුරෝන නිපදවිය හැකි ලෙස පනුවන්ගේ ජාන වෙනස් කර තිබේ.
නියුරෝන එකිනෙක සංකීර්ණව හා විශාල පොකුරක් ලෙස එකට මොලය අසල තිබීම, පනුවා ගමන් කිරීම නිසා එක් නියුරෝනයක් පමණක් ක්‍රියාත්මක කර අධීක්‍ෂණය කිරීම අභියෝගයක් විය.පනුවා හඳුනාගැනීම,රූපය, රූපයට අදාල චලනයන්, ගමන් මාර්ගය, අදාල නියුරෝන, ලේසර් උපකරණ ස්ථානගත කිරීම සහ විශේෂිත නියුරෝනයට විදීම මෙන්ම මේ සියල්ලම තත්පරයෙන් 1/50 ක (පනහෙන් එක) වැනි සියුම් කාලයකින් සිදු කරන ලදි.එයද මුලදී ඉංජිනේරුමය වශයෙන් ඉතා අපහසු කාර්යයක් වූ බව ඔවුහු ප්‍රකාශ කරති.



උපුටා ගැනීම :-  Harvard University World Science Staff.         http://www.world-science.net

                        http://www.youtube.com/watch?v=zSb6LQAH8Jo

November 15, 2013

කඩදාසි විදුලි ජනකය

තදින් ඇතිල්ලීමෙන් විදුලිය ජනනය කළ හැකි කඩදාසි විදුලි ජනකයක් පිටර්ස්බර්ග් හි ඩිස්නි පර්යේෂණ ආයතනය ප්‍රදර්ශනය කරයි. මෙය විදුලි පේනුවකට හෝ බැටරි(battery) සම්බන්ධ කිරීමේ සාමාන්‍ය අවශ්‍යතාවය මකා දමා තිබේ.

අන්තර්ක්‍රියා කරන පින්තූර පොත් සඳහා මෙන්ම LED බල්බ දැල්වීම සඳහා බලය ලබා දීමට කඩදාසි විදුලිජනක නිෂ්පාදනය කළ ඩිස්නි පර්යේෂණ කණ්ඩායම සමත්විය.

සාපේක්‍ෂව සරල ක්‍රමයක් වන මේ සඳහා Teflon (ටෙෆ්ලෝන්) නමින් ප්‍රසිද්ධ PTTF හෙවත් Polytetrafluorothylene (බඳුන් වල ද්‍රව්‍ය තැන්පත් වීම වැලැක්වීමේ ආලේපනය) හා ඉලෙක්ට්‍රෝඩ් ලෙස ක්‍රියා කළ හැකි ද්‍රව්‍යයක් පමණක් අවශ්‍ය බව ස්කොට්ලන්තයේ, ශාන්ත ඇන්ඩෘ හි UIST ආයතනය ප්‍රකාශ කරයි. ඔවුන් මේ සම්බන්ධ ACM ශාස්ත්‍රිය සම්මන්ත්‍රණයේදී ඉදිරිපත් කිරීමක් කර තිබේ.


Teflon තදින් වැදීමෙන් සථිතික ආරෝපනයක් ඇති කර එය රිදී ආලේපිත පොලියෙස්ටර් ස්ථර දෙකක් අතර තැන්පත් කරන ලදි. එක් පොලිසියස්ටර් ස්ථරයක් සුළු වශයෙන් වෙනස් කළ හැකිය. එනිසා මෙහි ඝනකම වෙනස් වේ. ඉන්පසු පොලියෙස්ටර් ස්ථරය වැදීමෙන් වෝල්ටීයතාවයක් හා කුඩා ධාරාවක් නිපදවනු ලැබේ.

දෙවන ක්‍රමය නම් සන්නායක තහඩුවක් Teflon තහඩුවක් හා වැදීමෙන් වෝල්ට් 1000 ක් උත්පාදනය කිරීමයි. මෙහිදී නිපදවෙන ධාරාව ඉතා කුඩා වේ.

විදුලිය සන්නායනය කරන ඕනෑම ද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රොඩයක් ලෙස භාවිතා කළ හැකි බැවින් විදුලි ජනක කඩදාසි නිර්මාණය පහසුය. ඔබට විදුලි ජනක කඩදාසියක් මුද්‍රණය කර ගැනීමටද හැකිය.


උපුටාගැනීම:

November 14, 2013

ජන හද හඳුණන පරිගණක මොළය


මිනිසුන් සිතන ආකාරය පරිගණකවලට තේරුම්කරදිය හැකි algorithm මෘදුකාංගයක් නිර්මාණය කෙරේ...






යමෙකු ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ-ජාල වෙබ් අඩවියක තබන සටහන් වලින් එම පුද්ගලයා සිතන ආකාරය, ඔහු / ඇයගේ අදහස්, කැමති අකමැතිදේ, දේශපාලන දැක්ම, ආදර බැඳීම්, රැකියාවේ තත්වය, අධ්‍යාපනය වැනි අතිවිශාල තොරතුරු සංඛයාවක් පිලිඹිබුවේ. අප කවුරුන්ද, සිතන්නේ කෙසේද යන්න පිලිබඳ නොමැකිය හැකි සටහනක් ෆේස්බුක්, ට්විටර් වැනි සේවා මගින් තබා ගනී. තමන් ෆේස්බුක් වැනි සමාජ ජාල තුල ලියා තබන දේ, ඇතුල්කරන ඡායාරූප, කොමෙන්ටු වැනිදෑ සැළකිල්ලෙන් සිදුකරන ලෙස සමාජ-ජාල විශේෂඥයින් අනතුරු අඟවන්නේත් මේ නිසාවෙනි.

අපගේ ෆේස්බුක් මිතුරන්, ට්විටර් ග්‍රාහකයින් සිතන පතන දේ ඔවුන් ලියාතබන දෙයින් වටහා ගැනීම මිනිසුන් ලෙස අපට ඉතා පහසුවූවත්, පරිගණකයට මේවා තේරුම් ගැනීම තවමත් ඉතා අපහසුය. දැනට ඉතාම සංකීර්ණ data-mining මෘදුකාංග පවා සිදුකරන්නේ අප තබන සටහන් වල මූල පද (keywords) පිලිබඳව සෙවිල්ලෙන් සිටිමින්, ඒවා හා බැඳෙන රටා (patterns) හඳුනාගෙන අප පවසනදේ පිලිබඳව අනුමාන කරගැනීම පමණකි.

ඒ අනුව Google Ad-sense වැනි අන්තර්ජාල දැන්වීම් සේවා අපගේ ප්‍රොෆයිලයට එනම් අප පිලිබඳව එය උගෙන ඇති දේ අනුව අපට වැදගත් යැයි හැඟෙන භාණ්ඩ හා සේවාවල දැන්වීම දර්ශණය කරයි. එහෙත් සමාජ-ජාලා තුලින් මොහොතකට ජනනය වන ගිගා-බයිට් දසදහස් ගණනක දත්ත ගූගල්, ඇමසන්, ෆේස්බුක් වැනි සමාගම්වලට තවමත් නිසි ලෙස ප්‍රයෝජනයට ගත නොහැක්කේ එම දත්ත තේරුම්ගැනීම හැකියාව ඉතා ප්‍රභල data-mining මෘදුකාංගවලට වලට පවා අපහසු නිසාවෙනි.

එම සමාජ-ජාල දත්ත අනුව අන්තර්ජාල සේවාලාභියෙකු පිලිබඳ ඉතා නිවැරදි ප්‍රොෆයිල තනා ගත හැකි නම් එම පුද්ගලයාට දැනට අවශ්‍ය භාණ්ඩ හා සේවා පමණක් නොව, එම පුද්ගලයා පවා තවමත් තමනට ප්‍රයෝජනවත් යයි නොදන්නා භාණ්ඩ හා සේවා පවා සොයාදීමේ හැකියාව ඇති බව  ගූගල්, ෆේස්බුක්, ඇමසන් වැනි සමාගම් දන්නා අතර මෙම භාණ්ඩ හා සේවා අලෙවි කිරීමට දායක වීම මගින් තම සමාගම් වලට කෝටි ප්‍රකෝටි ගණනින් ආදයම් වර්ධනය කරගත හැකි බවට ඔවුන් අනුමාන කරයි.


Richard Socher, Stanford University

මෙම අරමුණ කරා ලඟාවිය හැකි ඇල්ගොරිතම් මෘදුකාංගයක් අමෙරිකාවේ ප්‍රමුඛ පෙලේ විශ්වවිද්‍යාලයක් වන ස්ටැන්ෆර්ඩ් සරසවියේ පස්චාත් උපාධි අපේක්ශකයෙකු වන රිචර්ඩ් සෝචර් විසින් නිර්මාණය කොට ඇති අතර, මේ සඳහා එම විශ්වවිද්‍යාලයේම කෘත්‍රිම බුද්ධිය (artificial intelligence) පිලිබඳව පර්යේෂකයින් වන ක්‍රිස් මැනින්ග් හා ඇන්ඩෲ ඇන්ග් දායකවී ඇත. මෙම ඇල්ගොරිතමය Neural Analysis of Sentiment — or NaSent ලෙස හඳුන්වයි නැසෙන්ට් ඇල්ගොරිතමය, පරිගණක විද්‍යාවේ අලුත්ම ශාඛාවක් වන "Deep Learning - ඩීප් ලර්නින්" හෙවත් ඉතා ගැඹුරු ලෙස ඉගෙනීම යන තාක්ෂණයට ඇතුලත්ය.  කෘතිම බුද්ධි පර්යේශකයින් බොහෝ දෙනෙකු පරිගණක වලට මිනිසෙකු ලෙස සිතීමට හැකියාව ලබාදීමේ ඉක්මණ් ක්‍රමයක් ලෙස මෙම ඩීප්ලර්නින් තාක්ෂණය හඳුන්වයි. මෙහිදී සිදුවන්නේ පරිගණක මෘදුකාංගයකට මිනිස් මොළය දත්ත සැකසුම් සිදුකරන ආකාරයට දත්ත සැකසුම් කිරීමට ඉගැන්වීමයි.

උපුටා ගැනීම : http://www.wired.com/wiredenterprise/2013/10/nasent-deep-learning/

November 13, 2013

හද වවමු - දිවි රකිමු


ඉන්ද්‍රියන් බද්ධ කිරීම සඳහා ඉන්ද්‍රියන් නිෂ්පාදනයේ ඉදිරි පියවරක් තබමින් stem සෛල රෝපනයෙන් මිනිස් හදවතක පටක විද්‍යාඥයන් විසින් නිර්මාණය කර ඇත. එම මිනිස් හදවත් පටක පේට්‍රි දීසියේ ක්‍ෂණිකව ස්පන්දනය වූ බවද ලිපියේ සඳහන් වේ.

මිනිස් සමේ සෛල වලින් ලබා ගත් ප්‍රේරිත phiripotent stem සෛල භාවිතයෙන් MCPs නම් පූර්වගාමී (precursor) හදවත් සෛල පෙන්සිල්වේනියාවේ පිටර්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ පරීක්‍ෂණ කණ්ඩායමක් විසින් නිපදවා ඇත.
IPS සෛල යනු පරිණත වූ මිනිස් සෛල වන අතර පරිගණක ප්‍රතික්‍රම ලේඛණයෙන් (reprogrammed) බහුනිපුන (පහසුවෙන් වෙනස් කල හැකි), මූලික තත්වයට පරිවර්තනය කළවිට එම සෛල ශරීරයේ ඕනෑම සෛලයක් සෑදීම සඳහා පෙළඹවිය හැකිය. මෙලෙස නිපදවූ මූලික (primitive) හදවත් සෛල මීයකුගේ හදවත් “scaffold” හි අමුණන ලද්දේ එහි තිබුණු මීයාගේ හදවත් සෛල සියල්ල ඉවත් කිරීමෙනි. මෙම “scaffold” යනු ප්‍රෝටීන් හා කාබෝහයිඩ්‍රේට් වලින් සමන්විත ජීවය රහිත පටක ජාලයක් වන අතර ඒවායේ සෛල තැන්පත් කර රෝපණය කරයි.

ත්‍රිමාණ “scaffold” හි පුරෝගාමී (precursor) සෛල රෝපණය වී හදවතෙහි පේෂී බවට පරිවර්තනය වේ. දි 20 ක් රුධිරය සැපයීමෙන් පසු මෙම නැවත සකස් කල මීයාගේ හදවත විනාඩියකට වාර 40 - 50 ප්‍රමාණයකින් ස්පන්දනය වූ බව පීටර්ස්බර්ග් විශ්ව විද්‍යාල ප්‍රකාශනයේ දැක්වේ.


එහෙත් මෙම ක්‍රියාවදාම මඟින් සම්පූර්ණ මිනිස් හදවතක් සෑදීම සඳහා තව ඉදිරියට යායුතු බව ජ්‍යෙෂ්ඨ පර්යේෂක ලී යෑන්ග් පවසයි. දායක හදවත් හිඟවීම, අවසාන අදියරේ හදවත් නැවත ප්‍රතිස්ථාපනය කළ නොහැකි වීම හා ඖෂධ වලින් අඩු ප්‍රථිඵල ලැබීම නිසා හදවත් රෝගීන් මිලියන 17 ක් වාර්ෂිකව මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවල දැක්වේ.


උපුටාගැනීම: